විලි ලැජ්ජාවේ පණ යන්න කලින් බලය අස්‌ථාවර වූ පළාත් සභා විසුරුවා හරී..

May 13, 2017 at 11:07 pm | lanka C news
විලි ලැජ්ජාවේ පණ යන්න කලින් බලය අස්‌ථාවර වූ පළාත් සභා විසුරුවා හරී..

උතුරුමැද, සබරගමුව හා මධ්‍යම පළාත් සභාවල බලය අස්‌ථාවර වුවහොත් නියමිත දිනට පෙර එම පළාත් සභා විසුරුවා හැරීමට ආණ්‌ඩුව පියවරගෙන ඇත.

උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය පිරිසක්‌ උතුරුමැද පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වන බහුතර මන්ත්‍රී කණ්‌ඩායමක්‌ මහ ඇමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලා දිවුරුම් පෙත්සම් භාර දීමට තීරණය කර ඇත. ඒ සමඟ වත්මන් පළාත් සභා මහ ඇමැති පේෂල ජයරත්න මහතාගේ බහුතර බලය අහිමි වී ගොස්‌ සභාවේ බලය රැක ගැනීමද අභියෝගයට ලක්‌ව තිබේ.

මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස පසුපෙළ අසුන් ගැනීමට තීරණය කිරීමත් සමග මධ්‍යම පළාත් සභාවද ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණ පාන බව පළාත් සභා මන්ත්‍රීවරයකු පැවැසීය.

සබරගමුව පළාත් සභා මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ස්‌වාධීනව කටයුතු කිරීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.

පළාත් සභා තුනේම බලය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පැවැතීම නිසා එහි බලය ගිලිහී යැම පක්‍ෂයට දැඩි අභියෝගයක්‌ වනු ඇති බැවින් එම පළාත් සභා කල් තැබීම හෝ නිල කාලය අවසන් වීමට පෙර අහෝසි කිරීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක්‌ ජනාධිපතිවරයාට යෝජනා කිරීමට සූදානමින් සිටී.

උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේදීත් මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන වසරේදීත් අවසන් වීමට නියමිතය.

– දිවයින

55 views

One Comment to “විලි ලැජ්ජාවේ පණ යන්න කලින් බලය අස්‌ථාවර වූ පළාත් සභා විසුරුවා හරී..”

  1. asaranaya says:

    මුන් අතීසාරයට අමුඩේ ගහන්නයි යන්නෙ, ඒත් ගන්ඳනේ බැහැ.

Main News