විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති

September 1, 2020 at 6:48 pm | lanka C news
විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නෙහි ඉල්ලීමක්…

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයෙහි ප්‍රමුඛත්වය දී තිබේ.

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රධාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගේම කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවට එක් වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

එසේ වුවද නිල කටයුතු බැහැර තමාට ලැබෙන සෑම පැය ම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැප කිරීමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටියි.

– ජනාධිපති මාධ්‍ය අංශය

42,665 views

20 Comments to “විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති”

  1. Mahesh says:

    This is straight forward and unarguably a great decision. We all must follow this as a precious example. Let us apply this principle also for us.

  2. Dikman Aiyya says:

    We respect your decision Mr President..

  3. Elakiri.com says:

    Great call..and Good advise for MR and others

  4. CHAMINDA - SADA STF says:

    Thank you very much for your great concern sir… We are 100% with you… God bless you..

  5. Rishan says:

    මට කියන්න එපා, ඔය 225ක් ඉන්නෙ, උන්ට කියන්න. උන් පැනගෙන එන්නෙ ඔව්වට හික්ස්!

  6. hitan says:

    great advice for every human being
    work without wasting your time

  7. ivan says:

    Yes , Sir , all will have to respect to your request including politicians.

  8. රජරැටියා says:

    අපේ රට රැකගන්න ගොඩනගන්න ගෝඨාභය මැතිතුමා පත්කොරන්න නුවරකලාවියේ අපි දත කෑවේ. එතුමන්ගේ කාලය මිඩංගු කොරන්න නාකයි ඔය වැඩවලට.

Main News