විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති

September 1, 2020 at 6:48 pm | lanka C news
විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නෙහි ඉල්ලීමක්…

ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයෙහි ප්‍රමුඛත්වය දී තිබේ.

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රධාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවන්ට සහභාගි වීමට අපේක්ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා එතුමාට ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගේම කාරුණිකව ඉල්ලීමක් කෙරේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඇති ගෞරවාදරය සහ ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවට එක් වන ලෙස එතුමාට ඇරයුම් කරති. ජනතාව තමා කෙරෙහි ඇති මේ බැඳීම එතුමා මහත් සේ අගය කරයි.

එසේ වුවද නිල කටයුතු බැහැර තමාට ලැබෙන සෑම පැය ම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැප කිරීමට ජනාධිපතිතුමා අදිටන් කරගෙන සිටියි.

– ජනාධිපති මාධ්‍ය අංශය

42,705 views

20 Comments to “විවාහ උත්සව, සාද ඇතුළු පුද්ගලික උත්සව සදහා ආරාධනා කරන්න එපා.. රට වෙනුවෙන් මා කාර්ය බහුලයි….- ජනපති”

  1. Saradiel says:

    රට හදන්න නම් 225 මෙය අනුගමනය කල යුතුය

  2. CNW PATHIRANA says:

    One of best decisions of 2020

  3. අපේ රට says:

    ජනපතිගේ රට වෙනුවෙන් කරන කැපකිරිම, දියවන්නාවේ 225 හත් අනවශ්‍ය විවේචන පසක තබා කලොත් රටම ගොඩ. ජනයා අවදියෙන් සිට චන්දයේදි කතිරයෙන් පිළිතුරැ දෙනු ඇත.

  4. google says:

    ඉතාම කාලෝචිත තීරණයක්. රටටත් වැඩක් නැති උන්ට වැඩක් නැති ලංකාවේ සිඟිති නළු නිළියන්ගේ උපන් දින උත්සව විවාහ උත්සව වගේ දේවල් වලට කාලය වැය කරන එක අපරාධයක්.
    ජනතාවගේ රැකියා ගැටලු ්‍රවාහන ගැටලු වෙනි දහසකුත් දේවල් සඳහා ඔබතුමාගේ ඔබතුමාගේ වටිනා නිර්මාණශීලී අදහස් වලින් ජනතාවට සේවයක් කරන්න.
    පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කර පුද්ගලික වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තන්න.

    කොළඹ හා අනිකුත් තදාසන්න නගරවල දුම්රිය සේවය පහසුකම් දියුණු කර කඩිනම් කර ජනතාව අතරට පත් කරන්න. දුම්රිය මාර්ග ්‍රධාන මහා මාර්ග වලට සමාන්තරව යන පරිදි නැවත සැලසුම් කරන්න

    උදාහරණයක් ලෙස හයිලෙවල් මාර්ගයට සමාන්තර ලෙස කැළණිවැලි මාර්ගයේ කොට්ටාව who හෝමාගම ටෙක් ඉදිවූයේ නම් නම් සහ කුඩා කාලාන්තර සහිතව නොකඩවා දුම්රිය ධාවනය වූයේ නෑ හයිවේ මාර්ගයේ කැට් ගේ වාහන ගමනාගමන 75% කින් පමණ අඩු වනු ඇත

  5. Laksman says:

    This is how leaders work folks. way to go Mr. President .
    I am sure JVP will have a foolish explanation for this.

    • අනාගමික says:

      මෙය ජේවීපී සහෝදරයන් පීඩිත පන්තියේ මගුලකට යාම වැලක්වීමට කරන ලද කුමන්ත්‍රනයක් ලෙස පැහැදිලිව පෙනී යයි..

      ඉදිරි කාලයේ උතුරු නැගනහිර කම්කරු ජනයාගේ උත්සව වලට සහබාගී වී ජනතාව දිනාගෙන පලාත් මැතිවරනයේ සිදු කරන පෙරලිය මෙවැනි කුමන්ත්‍රණ වලින් පරාජය කල නොහැක..

  6. walli says:

    Respect Mr President…..!

  7. සිරා says:

    ජනාධිපති තුමෝ..සාමාන්‍ය මනුස්සයෙක්ගේ එකකට පුළුවන් වෙලාවක් ආවොත් යන්න…හැබැයි ලංකාවේ නළු නිළියන්ගේ,ඇමැති දරුවොන්ගේ , ගායක ගායිකාවන්ගේ, ලොකු මීඩි යා මුදලාලිගේ ඒවට නම් ඒවට යන්නත් එපා ..උන්ගේ මගුල් වලට අත්සන් කරන්නත් එපා…ඔබතුමාගෙ නමත් සවුත්තු වෙනවා…දැන් දැක්කනෙ කලින් ඔබතුමා අත්සන් කරලා බැදපු එකෙක් නාඩගම් නටලා ආපහු බැන්ද….එක එක ගොසිප් කාරයො ඒ පරණ ෆොටෝ අරන් ඔබට අපහාස කරනවා.. celebrity මගුල් නම් ඕනෑම නෑ..

  8. Mala says:

    Good idea sir

  9. රජරට බයියා says:

    අති විවිශිෂ්ඨයි. මේ වගේම, රජයේ ආයතන, එජන්සි වල හෝටල් සිමිනාර් වර්ක්ශොප් ආදියත් නවතා එම මුදල් ජනතා යහපත සදහා වැඩවලට යොදවන්න. තවද, පිටරට සම්මන්ත්‍රණය ආදියට විශාල මුදල් ගෙවා රජයේ නිලධාරීන් යනවා.ගිහින් කොරන දෙයක් නෑ. මේ ගැනත් බලන්න.

  10. RATA SURAKIMU says:

    Respect You Sir !!

Main News