විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට විමල්ගෙන් අත…

February 5, 2020 at 8:02 am | lanka C news
විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට  විමල්ගෙන් අත…

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂවරුන් සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීම සදහා වූ සාකච්ඡාවක් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් (NEDA) සංවිධානය කර තිබිණි.

මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ හා නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබීය. විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇති නව නිෂ්පාදන වාණිජකරණයට ලක් කර ඒවාට දෙස්-විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමන් අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඒ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මුල් වී කටයුතු කිරීම අගය කළ යුතු බවත් එම පිරිස පැවසූහ. මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයක් ලෙස සතොස, කාගීල්ස්, කීල්ස් හා ලාෆ්ස් වෙළෙඳසැල් ජාල නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ය.

එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළ නිමැයුම් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභෘපති උපසේන දිසානායක, විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක අධ්‍යක්ෂකවරු වන මහාචාර්ය ඩී.ඒ.අයි. දයාරත්න, මහාචාර්ය මැණික් හෙට්ටිහේවා, මහාචාර්ය රොහාන් වීරසිංහ, ආචාර්ය ඇන්තනී ඇන්ඩෲ, ආචාර්ය එම් .පී. දීගමුල්ල, ආචාර්ය ප්‍රියෂානි පෙරේරා, ආචාර්ය ඒ.පී.අයි. සම්පත් ධර්මදාස, ආචාර්ය එස්. වසන්තරුබා යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

120 views

4 Comments to “විශ්වවිද්‍යාල සිසු ව්‍යවසායකයන්ට විමල්ගෙන් අත…”

  1. Bitter Truth says:

    මෙන්න මෙහෙමයි වැඩ කරන රටක් හදන්නේ. විමල් මැතිදුන්ට ආසිරි!

  2. kkuruwita says:

    Great vision ! Keep it up !! Best Wishes !!!

  3. Ravana Parapura says:

    සියු හෙලේ නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන වලට අපි රාවණ රජුගේ නම යොදාගනිමු

  4. David Milli-banda says:

    Wimal now need to go in search of that guy who had made a helicopter and some other machines from scrap and put that guy in touch with the Moratuwa University.
    There were many articles appearing about this guy I believe from Gampola area.