විශ්වාසභංගයට පෙර හා පසු චරිත හේරත්ගෙන් ‘චරිත දෙකක්’

April 7, 2018 at 12:00 pm | lanka C news
විශ්වාසභංගයට පෙර හා පසු  චරිත හේරත්ගෙන් ‘චරිත දෙකක්’

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ පිළිබඳව තමන් දැරූ ස්ථාවරය, එය පැරදීමෙන් අනතුරුව අංශක 180කින් ආපස්සට හැරවීමට ප්‍රකට දේශපාලන විචාරකයකු වන ආචාර්ය චරිත හේරත් කටයුතු කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ලෙස පෙනී සිටිමින් විශ්වාසභංගය විවාදයට ගත් දිනයේ එනම් අප්‍රේල් 04 වැනිදා ඔහු මව්බිම පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකට අනුව ‘විශ්වාසභංගය මේ වෙලාවේ ගෙන ඒම අතිශයින්ම වැදගත්’ය. එසේම ‘විශ්වාසභංගය කියන්නේ ශ්‍රී ලනිපයට පිටපලුවක්’ය. ඒ හරහා ‘ආණ්ඩුව අර්බුදයට යැවීමෙන් මහ මැතිවරණයක් දිනාගත හැකිය.’ ඔහුට සිතෙන ආකාරයට ‘ජනාධිපතිතුමාට තිබෙන අපේක්ෂාව වන්නේ මේ ආණ්ඩුව කරගෙන ගිය ආකෘතියේ වෙනසක් සිදුකර අලුත් අගමැතිවරයකු පත්කර ගෙන ඉදිරියට ආණ්ඩුව ගෙන යාම’ය.

මෙසේ චරිත හේරත් මහතා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ධනාත්මක අදහස් දැක්වීමක් සිදුකර ඇත්තේය. එහෙත් ලංකාදීප පුවත්පතට ඔහු සතිපතා ලියන ‘කිවිදා දක්ම’ තිරු ලිපියෙන් මේ අදහස් කණපිට හැරවී ඇත.

“…මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොඳ යැයි සිතීම සාධාරණ ය…” යනුවෙන් ඔහු අද(06) සිය තීරු ලිපියෙන් අවධාරණය කරයි. එහෙත් අප්‍රේල් 04 වැනිදා චරිත හේරතුන් මව්බිමට කියන්නේ ‘ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් විශ්වාසභංගයක් මේ වෙලාවේ ගෙන ඒම අතිශයින්ම වැදගත්’ කියා ය.

එසේම අද (06) සිය තිරු ලිපියෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් විශ්වාසභංගයක් තේරීම දේශපාලන අඳබාලකමක් බව ද නොකියා කීමට තරම් චරිත හේරතුන් වෙනස් වී තිබේ. මේ ඒ බව සඳහන් අද (06) තිරු ලිපියේ උපුටනයකි.

“ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ඇයිදැයි ඇසීමෙන් දැන් එතරම් වැඩක් වෙන්නේ නැත. නමුත් දේශපාලන වශයෙන් මේ තෝරාගැනීම නිවැරදිදැයි යළිත් වරක් විමසා බැලීම අනාගතය පැත්තෙන් ඉතාමත් වැදගත් ය. දේශපාලනයේ දී සටන් තේරිය යුත්තේ විරුද්ධවාදියාට වඩා තමන්ගේ ශක්තිය වැඩිකර ගැනීමේ අර්ථයෙන් මිස තමන් සතුව තිබෙන බලය අවුල්කර ගන්නා ආකාරයෙන් නොවන බව තේරුම් ගැනීමට විශේෂඥ දේශපාලන ඥානයක් අවශ්‍ය වන්නේ නැත. අනෙත් අතට මේ විශ්වාසභංගය පන්නයේ දේශපාලන උපක්‍රම මගින් බලාපොරොත්තු වන ජයග්‍රහණ නොලැබී ගියහොත් හෝ එසේත් නැතිනම් ඒ උපක්‍රමය වැරදියට යෙදුනොත් දේශපාලනයේ ඇති විය හැකි පසු තත්ව තමන්ගේ පිලේ දේශපාලනය කරන හැමෝම අර්බුදයට යා හැකි නිසා එවැනි ආකාරයේ දේශපාලන උපක්‍රම තේරීය යුත්තේ ඉතාමත් පුහුණු දේශපාලන පරිචයකින් බව ඔවුහු පිළිගත යුත්තෝ ය. අනෙක් අතට මේ ක්‍රියාදාමයෙන් පෙන්නුම් කරන්නේ හුදු තමන්ට සම්බන්ධ නැති බලවේගවල අවශ්‍යතාවලට අනුව දේශපාලන උපක්‍රම තේරීම්වලට සම්බන්ධ විය යුතු නැති බව ය.”

ඒ අනුව පෙනී යන්නේ විශ්වාසභංගයට පෙර එක් චරිතයකට පණ දුන් චරිත හේරත් ඇඳුරුන් ඒ සළුපිළි උනා දමා අද(06) සිට ඊට හාත්පසින්ම වෙනස් චරිතයකට පණ පෙවීමට සූදානම් බව යැයි බොහෝ විද්වත් පිරිස් පෙන්වා දෙති.

– Facebook

2 views

6 Comments to “විශ්වාසභංගයට පෙර හා පසු චරිත හේරත්ගෙන් ‘චරිත දෙකක්’”

  1. Samuvel says:

    මොහුද සට කපට මොනරෙක් බව පැහැදිලි වේ. මේ නිසා මේ දුර්දාන්ත රජය ලොකු අවුලකට වැටී ඇත. මෙය පොහොට්ටුවට වාසි දායකයි. ඉක්මන් චන්දයක් ලැබී එජාපය සේදී යනු ඇත. අත සේදීමට වත් ඉතුරු නොවනු ඇත. පොහොට්ටුවට මුක්කුවක් ගැසීමෙන් හෝ පොහොට්ටුව සමඟ කොන්දේසි වලට යටත්වී එකතු වීමෙන් පමනක් ඔවුන්ට ගවුරවය රැක ගත හැක. පොහොට්ටුව රජවේ. අතීතයේ කල වැරදි නැවත නොවන්න මහින්ද මහතා වග අලාගනු ඇත.

  2. daminda says:

    wikineema saha milata ganeema……

  3. Nim says:

    KATA PADAM KARAHO
    AYATHA VDIYATA WEBAGA
    PASKARA TA MA UGATH KAMA
    LABENNE NAHA
    MOLA UDA EDAGENA ENNA
    ME WAGE AYA NISA THAMI
    UGATHUN TA THANAK NATHE.
    MEWANI ADA BALAYEN GEN
    PRAWESAM WENNA

  4. Bandula says:

    Oya heeraluwagen oita wada deyak balaporottu wenna bahe. Hama deyak ganama danna osthar kenek vidiyata peni hitiyath amu gonek bawa campus wala wagema media field eke saha deshapalane karana aya hodata dannawa. wasi tanadi ammawa, wifewa hari wikunna lasthi dushta minihek. Boruwata porak wage pennagena hitiyata athula his.

  5. සමිත says:

    යකෝ මේ රටේ ඉන්නේ මේ වගේ උගතුන් නම් මුන්ට කියපල්ලා අමෙරිකාවට යන්න කියපල්ලා

  6. මැදමුලනෙ මුත්තා says:

    චරිත හේරත් පටිටපල් මෝඩයෙක්
    පණ්ඩිතයෙක්.මහින්දගෙ කාලෙ තනතුරැ අරගෙන අණේඩුවෙි විනාශයට පාර කැපූ එකෙක්.මුන්වගේ එවුන් එක්ක දේශපාලනය කළොත් මහින්දත් ඉවරයි.අවස්ථාවාදියන්ට නොරැවටෙනු.

Main News