විශ්වාසභංගයට සහය දෙමින් නුවර සිට කොළඹට පා ගමනක්.. කුරුදු පොලු බලකාය සූදානම්..?

March 27, 2018 at 10:00 am | lanka C news
විශ්වාසභංගයට සහය දෙමින් නුවර සිට කොළඹට පා ගමනක්.. කුරුදු පොලු බලකාය සූදානම්..?

ඒකාධිපති ගජමිතුරු වියරුව පරදන දේශය අවධිකරන “ජනබල අරගලය” නමින් යෝධ පා ගමනක් සංවිධානය කරන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

වැඩිදුර අදහස් දැක්වු ඒ මහතා, යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව මේ රටේ විශාල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් බලාපොරොත්තු වු අතර, අද වනතෙක් ඒ කිසිදු බලාපොරොත්තුවක් ඉටු කිරීමට ආණ්ඩුව අද වෙනකොට සමත් වී නැහැ. ඒ නිසා තමන් පත්කළ ආණ්ඩුවට විරුද්ධව අද ජනතාවට පාරට බහින්න සිද්ධවෙලා තියෙනවා. ඒ අනුව අපි තීරණය කරා ඒ පාරට බහින ජනතාවට නායකත්වය දීලා ඒ ජනතාව එක අරමුණකට ගෙනත් මේ රටේ පුරවැසියන්ට අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න. ඒ නිසා තමයි අපි මේ පාගමන සංවිධානය කරන්න තීරණය කලේ විශේෂයෙන් වර්තමාන අගමැතිවරයාගේ හිතුවක්කාරී තමන්ගේ හිතවතුන්ට සහනදෙන තමන්ගේ ගජ මිතුරන්ව රටේ ආර්ථිකය කොල්ලකෑමට ඉඩදෙන චෞර වැඩ පිළිවෙලට විරුද්ධව මේ රටේ ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දෙන වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මෛත්‍රී ගුණරත්න මහතා,

අපි මේ පාගමනට අද රට මුහුණදී සිටින ප්‍රධාන මාතෘකා කිහිපයක් තෝරාගෙන තියෙනවා. ඒ තමයි

  • මහ බැංකුව කොල්ල කෑ මහ මොළකරු වහා අත්අඩංගුවට ගනු.
  • ජීවන බර සැහැල්ලු කරනු.
  • රාජ්‍ය දේපල විදේශිකයන්ට විකුණා දැමීම වහා නවතනු.
  • පොරොන්දු වු මැතිවර්ණ ක්‍රමය වහා සංශෝධනය කරනු.
  • අර්ථසාධක මුදල් වහා ලබාදෙනු.
  • වතු ආර්ථිකය ශක්තිමත් කරනු.

මේ කරුණු දිහා බලනකොට ඕන කෙනෙකුට පේනවා මේ කාරණා සෘජුවම ජනතාවට, ජන ජීවිතයට බලපාන කාරණා කියලා. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ රට වැනසූ අගමැති යන්න කියන “ජනබල අරගලය” පා ගමන සංවිධානය කරන සෑම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයකටම සිවිල් සංවිධානයකටම බොහොම විවෘතව ආරාධනා කරනවා. ඒ වගේම මේ රටේ ඉන්න රටට ආදරය කරන හැම පුරවැසියෙක්ටම අපි ආරාධනා කරනවා මේ පා ගමනට එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ඉන්න කලාකරුවන්ට, ජනමාධ්‍යවේදීන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට, හැමෝටම අපි විවෘතව ආරාධනා කරනවා.

අද අගමැතිවරයාගේ පුද්ගලික ලේකමි සුගත් චන්ද්‍රසේකර එලියට ඇවිත් කියන කතා දැකපුවාම අගමැතිවරයා කරපු සෙල්ලම හොදින් අවබෝධ කරගන්න පුලුවන්. එදා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට UNP නායකත්වයෙන් යන්න කියලා මාතර ඉදලා කොළඹට සංවිධානය කරපු සාමකාමී පෙළපාලියට පහරදීපු විදිය අද රටටම එලිවෙලා තියෙනවා. ඒ නිසා අගමැතිවරයා මෙවරත් අපේ පා ගමනට පහර දෙන්න පුළුවන් අපි. ඒ සදහා හොද සූදානමකින් මේ පාර මහජනතාව එක්ක පාරට එනවා.

අපි රටේ ජනතාවට කියනවා මේ රට වනසන අගමැතිවරයා ගෙදර එවන  යෝධ විරෝධතා පා ගමනට එකතු වෙන්න කියලා. ඒ වගේම අපි කියනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට මේ රට විනාශ කරන අගමැතිවරයාට පක්ෂව ඡන්දය දීලා පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් ගමට එන්න එපා කියලා. යනුවෙන් ඒ මහතා සදහන් කලේය.

– කේ.ටී.දර්ශන

65 views

10 Comments to “විශ්වාසභංගයට සහය දෙමින් නුවර සිට කොළඹට පා ගමනක්.. කුරුදු පොලු බලකාය සූදානම්..?”

  1. adrian says:

    People – Stay home- DO NOT JOIN THIS STUPID PAA GAMANA….
    wHY SHOULD WE HELP ANYONE WIN

    LET US CHASE AWAY EVERY POLITICIAN IN PARLIAMENT
    PAARLIMENTHUVE INNA HAMA EKAAMA ELAVANA PAA GAMANAKATA PAMANAK SAHAAYA DENNA

    • NAK says:

      Those who are responsible for bringing this horrible government in must come forward to chase them out. It is their sole responsibility.

      • ලක්ෂාන් says:

        හැබැයි හැමදෙනාම බොහොම පරිස්සමින් මේ ලැයිස්තුව කියවල බලන්න .කොහෙවත් කියල නෑ මේකේ රට බෙදා ෆෙඩරල් කරන වියවසතාවකට විරුද්දයි කියල .එක තමයි වැදගත්ම කරුණ නමුත් මේගොල්ල එකට විරුද්ද නෑ .මේ පෙරමුණ තනිකරන ජනතා මතය දියාරු කරන පෙරමුණක් පමණයි මොවුන්ට රැවටෙන්න එපා

    • DB says:

      Okkomlawa elewwma rata palnya krnna obatuma ynwda😂😂😂

    • Dubba says:

      ජවිපෙය බය වෙලා තියෙන තරම.

  2. Kolitha says:

    pohotpohottuwe satanpaata karagahagena CIA../ RAW/MI 7./MOSAD…peramunata enawa neda….?….Philipeena Imelda Marcose haraha deepu gematada bahinne….

  3. සිංහල දෙමළ මුස්ලිම් කොන්ග්‍රස් says:

    මුස්ලිම් සහ දෙමළ ජනතාවටත් අද රනිල් අැති වෙලා. 75%ක් මුස්ලිම් සහ දෙමළ ඉන්න කොළඹත් එජාපය ඉහලින් දින්නෙ නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි කොළඹ නගර සභා ප්‍රදේශයේ අලියා 80%ක් ගත්තා. 65%ක අඩු ප්‍රතිශතයක් ගත්තෙ බොරැල්ල සහ නැගෙනහිර කොළඹ පමනය්. නමුත් මේ චන්දෙදි අලියා කොළඹින් ගත්තෙ 46% ය්. මුලු රටෙන්ම ගත්තෙ 32.6% ය්. ඊලඟ චන්දෙදි 25% ට බහිනවා. ඉතින් තවත් මොන කතාද. එජාප පාක්‍ෂිකයිනි, ඔය සුනාමියක පළමු රැල පහරය්. ඊළග රැල්ලෙන් ඔබල විනාස වෙන්න ඉස්සෙල්ලා රට ජාතිය විනාස කරන බැඳුන්කර හොර කල්ලියේ නායක රනිල් පන්න කුරුදු පොලු බලකායට සහාය දෙමු.

  4. john the baptice says:

    රනිල්ව බලයට ගෙනාපු මේ නරි රැළට සහබාගි නොවන්න

  5. කුරැදුපොලු ‍ලොරි දෙකක් නුවරට යැවිවා තව මදිනමි වෙවැල් දෙනියෙන් වෙිවැල් ලබාගන්න ලැස්තිකරලයි තියෙන්නෙ!

  6. David Milli-banda says:

    Those 6.2m who were responsible for bringing this CB looters to power need to to join this march.

    If the 6.2 m brought this deceit Yahapalanaya to power, they need to get rid of them as well.
    It is their responsibility.

    Kurundu polu neme bring any polla and join the march.

Main News