විශ්වාසභංගය තීව‍්‍ර වේ.. මන්ත‍්‍රී අවම ලංසුව කෝටි පහයි.. අතහිත බමුණු රටෙන්..

March 24, 2018 at 12:00 pm | lanka C news
විශ්වාසභංගය තීව‍්‍ර වේ.. මන්ත‍්‍රී අවම ලංසුව කෝටි පහයි.. අතහිත බමුණු රටෙන්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දෙන මන්ත‍්‍රීවරයෙක් සදහා රුපියල් මිලියන 50ක අවම ලංසුවක් යෝජනා කරමින් ඇති බව අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා වෙයි.

ඇමති නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් සදහා මෙම මුදල ඊටත් ඉහල බවත් කොළඹ පිහිටි ආසන්න රටක තානාපති කාර්යාලයක් හරහා මුදල් යෙදවීම සිදු කෙරෙමින් ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර විශ්වාස භංගයට විරුද්ව ඡන්දය දෙන ලෙස දෙමල ජාතික සන්දානයටද එම තානාපති කාර්යාලය විසින් දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර ඊට කොන්දේසි වන්නේ දෙමල සන්ධානයට ෆෙඩරල් හා එම රටට ත‍්‍රිකුණාමලය වරාය ලබා ගැනීමයි.

3 views

2 Comments to “විශ්වාසභංගය තීව‍්‍ර වේ.. මන්ත‍්‍රී අවම ලංසුව කෝටි පහයි.. අතහිත බමුණු රටෙන්..”

  1. PISSU PUSHA says:

    Now people must understand who are the dogs who are the people consider country first

  2. Boo says:

    මේක හොද චාන්ස් එකක් . ඔය සල්ලි ටිකත් අරගනිල්ලා, ඊට පස්සෙ තමන්ගෙ හදවත කියනදේ කරපල්ලා. කුමන්ත්‍රණ කරන රටවල් වලට සලකන විදිහ ඒකයි.

Main News