ඞීල් කාරයන් රටටම හෙලි වුණා.. විශ්වාසභංගය යනු රටේ ජනමතය නොවෙයි.. හැකි නම් පළාත් සභා ඡන්දය තියනු..- මහින්දගෙන් අභියෝගයක්..

April 6, 2018 at 12:00 pm | lanka C news
ඞීල් කාරයන් රටටම හෙලි වුණා.. විශ්වාසභංගය යනු රටේ ජනමතය නොවෙයි.. හැකි නම් පළාත් සභා ඡන්දය තියනු..- මහින්දගෙන් අභියෝගයක්..

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී ඩීල්කාරයින් කවුරුන්දැයි රටටම හෙළි වුයේ යයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති පවසයි.

ආණ්‌ඩුවත් සමගින් කටයුතු කරන බොරු විපක්‍ෂය හා සැබෑ විපක්‍ෂය කුමක්‌දැයි දැන් ඔප්පු වී ඇතැයිද ඒ මහතා පවසයි.

තමන් මුලින්ම කියූ පරිදිම ශ්‍රීලනිපය මුලින් දරන ලද ස්ථාවරයේම සිටියේ නම් ප්‍රතිඵලය වෙනස් වන බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් මෙය රටේ පොදු ජනමතය නොවන බවත් ජනමතය කුමක්දැයි දැනගැනීමට උවමනා නම් දැනට කල්දමමින් ඇති පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි අභියෝග කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

72 views

13 Comments to “ඞීල් කාරයන් රටටම හෙලි වුණා.. විශ්වාසභංගය යනු රටේ ජනමතය නොවෙයි.. හැකි නම් පළාත් සභා ඡන්දය තියනු..- මහින්දගෙන් අභියෝගයක්..”

  1. indunil says:

    thanathurata rata wendasi kireema……..?

Main News