විශ්වාසභංග ඡන්දයටත් පෙර විශ්වාසය භංග කර ගනී.. අගමැතිට සහාය පල කරන යෝජනාවට අත්සන් 68ක් පමණයි..

March 22, 2018 at 10:19 pm | lanka C news
විශ්වාසභංග ඡන්දයටත් පෙර විශ්වාසය භංග කර ගනී.. අගමැතිට සහාය පල කරන යෝජනාවට අත්සන් 68ක් පමණයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්දව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ප‍්‍රතිචාර ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් විකල්ප යෝජනාවකට අත්සන් එක් කරමින් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරියේදීද අගමැතිවරයාට සහාය පල කිරීමට කැමැත්ත දක්වමින් මෙම යෝජනාවට අත්සන් එකතු කරමින් ඇතැයිද සදහන්ය.

කෙමේ වෙතත් මේ දක්වා ඒ සදහා අත්සන් ලැබී ඇත්තේ 68ක් පමණක් වන අතර 106ක් වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීන්ගෙන් 82 දෙනෙකුම එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ය.

මෙම සහාය පල කිරීමේ යෝජනාවට ආන්ඩුවේ ප‍්‍රධාන පාර්ශවකරු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්ද කිසිවෙකු අත්සන් තබා නැත.

මේ අතර විශ්වාශ භංගයේදී පක්‍ෂය රැුක ගැනීමට එක් වන ලෙස පක්‍ෂ නායකත්වය විසින් එජාපයේ සියළු මැති ඇමතිවරුනට පුද්ගලිකවම දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇති බවද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

0 views

19 Comments to “විශ්වාසභංග ඡන්දයටත් පෙර විශ්වාසය භංග කර ගනී.. අගමැතිට සහාය පල කරන යෝජනාවට අත්සන් 68ක් පමණයි..”

  1. Tax Officer says:

    බලමු මහ බැංකු බැඳුම්කර හොරුන්ව ආරක්ෂා කරන්ඩ ඉදිරිපත් වෙන්නෙ කවුද කියල?

    • correction says:

      බලමු මහ බැංකු බැඳුම්කර හොරා ආරක්ෂා කරන්ඩ ඉදිරිපත් වෙන්නෙ කවුද කියල?

  2. Open mind says:

    රනිල් ට සහය පළකිරීමට 68යි. කථා නායකට භාර දුන් විශ්වාස භංගය ට 55 යි. කාටද ආඩම්බර.

    • Horaa says:

      උඹට!

    • Kinkini says:

      රනිල් හාමුගෙ පස්ස සෝදන ජෙප්පන්ට.

      • Kamal says:

        ජෙප්පො ඡන්දෙ දුන්නත් උබලගෙ මහින්ද හාමු රනිල් හාමුට විරුද්ධව ඡන්දෙ දෙන්නෙ නෑ. වලව් වල වලන් හෝදන උබල පව්.

        • Kinkini says:

          උඹලා වගේ එවුන් අපේ වලව් වල වලන් හෝදන්නවත් වැද්දගන්නෙ නැහැ බොල කමලො. 88/89 කාලෙ හැඳුනුම්පත් එකතු කරන මුවාවෙන් ඇවිත් උඹලා වලව් සුද්ද කල හැටි අපිට හොඳට් මතකයි.

        • Wesamuni says:

          හම්පඩ කම්බ හොරෙක් පන්නන්න මහින්ද මැතිතුමන්ගෙ වටිනා චන්දය ඕනෙ නෑ බොලව්. බලන් හිටහල්ලාකො වෙනදේ.

    • තෙපාණිස් says:

      මහ බැංකු බැඳුම්කර මහා හොරුන්ට!

    • Hendu packshika says:

      Maha banku horunta thamai wena karada 😎😉😉😂

    • Hendu packshika says:

      Let’s see who will support the people who involve in bond-scam

    • Janu says:

      Rahas chande machan. Lankawe minissu rahas chandeta hari aasayi. Arawa hangala mewwa karanna puluwan ne. So one deyak wenna puluwan. Do not pre assume anything!!

    • Boo says:

      අම්මපා ඔවුනේ !

      UNP මන්ත්රිලා 106 න් 68ක් රනිල්ට සපෝට්. මරු ! රනිල්ට බයවෙන්න දෙයක් නෑ , වැඩි කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන් වෙයි වගේ.

      තන්හා ජායතී ශෝකෝ !

  3. Truth says:

    පක්ශය රැක ගන්න නම් කරන්න ඕනෙ හම්පඩ හාමු එලවන එක.😐

  4. Asaranaya says:

    දිනුවත් නැතැත් විශ්වාශය නැති වේදෝ,
    කලයුතු කාරි ගරුකරමින් අස්වේදෝ,
    හොරකම් කලේ ටයිකෝටය දාගෙනදෝ,
    සැමදැ නියන් එකදා වැහි වලාවෙදෝ

  5. Boo says:

    “මේ අතර විශ්වාශ භංගයේදී පක්‍ෂය රැුක ගැනීමට එක් වන ලෙස පක්‍ෂ නායකත්වය විසින් එජාපයේ සියළු මැති ඇමතිවරුනට පුද්ගලිකවම දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇති බවද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.”

    මේක හොඳ ඉල්ලීමක්.

    පක්ෂය රැක ගැනීමට අවශ්‍ය සියලු දෙනා අද මේ පක්ෂයට අරක්ගෙන ඇති යල් පැනපු, මෙලෝ රහක් නැති, පක්ෂය මැරීමත්, හොරකමත්, කපටි කමත්, බටහිරුන්ට වහල් කමත් හැර වෙන මෙලෝ වැඩක් බැරි විස බීජය මුළුමනින්ම දුරීභුත කිරීමට ඒ අනුව කටයුතු කරනු ඇත.

    ඒ අනුව ඔවුන් පක්ෂය රැකගනු ඇත.

  6. Ranarala says:

    amerikan dollars denta aya innathuru wiiswasabangawalata ranil bayawenne nethiwaga danne nedda?

  7. lolla says:

    American Servant in Trouble…………..

Main News