විශ්වාස භංගයට එරෙහිව තුරුම්පු ආසියා ගහයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට…

March 17, 2018 at 10:40 am | lanka C news
විශ්වාස භංගයට එරෙහිව තුරුම්පු ආසියා ගහයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට…

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන්නට යන විශ්වාසභංග යෝජනාවට ප්‍රතිචාර ලෙස එ.ජා.ප.යෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට සැරසෙන බව වාර්තා වෙයි.

එ.ජා.ප.ය සහ ශ්‍රීල.නි.ප.ය අතර පවත්නා සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනා දෙක එකවර කරළියට ගෙන එනු ඇතැයි දැනගන්නට තිබේ.

ඒකාබද්ධය හා ශ්‍රීල.නි.ප.ය අගමැතිවරයාට එරෙහිව ගෙන එන්නට සැලසුම් කෙරෙන විශ්වාසභංගයට ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකු හැර අන් සියලු මන්ත්‍රීන් අත්සන් කිරීමට දැනටමත් ප්‍රතිඥා දී ඇති අතර ඇතැමුන් අත්සන් කර ඇති බවද කියැවේ. මෙයට එ.ජා.ප. රජයට සම්බන්ධ වී සිටින පක්ෂයක හා සංවිධානයකට සම්බන්ධ මන්ත්‍රීන් කිහිප දෙනකුද අත්සන් කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය. පසුගිය සිකුරදා දහවල් පාර්ලිමේන්තුවට රැස්වු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීහු සුබනැකතින් විශ්වාසභංගයට අත්සන් තැබීම අැරඹුහ.

මේ ආකාරයට විශ්වාසභංගය පෙළගැසෙද්දී එ.ජා.ප. දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් මත විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කඩිනමින් කෙටුම්පත් කොට මැතිසබයට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇත. එවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ප්‍රතිඥාව ලබාදී බලයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ඊට සහාය දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ඇතුළු පක්ෂවලට උදව් දීමට සිදුවනු ඇත යන්න එ.ජා.ප.යේ මතයයි. එසේම නැවත බලයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටින මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයට තරග කිරීමට විධායක ජනාධිපති ධුරය අහෝසි වීමෙන් වාසියක් සැලසෙන නිසා ඒකාබද්ධ විපක්ෂයද ඊට සහාය දෙනු ඇතැයි එ.ජා.ප.ය අපේක්ෂා කරයි.

මේ නිසා විශ්වාසභංගය හා සමගාමීව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව ළඟදී කරළියට ගෙනඑනු ලබන බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

– Deshaya

29 views

12 Comments to “විශ්වාස භංගයට එරෙහිව තුරුම්පු ආසියා ගහයි.. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට…”

  1. samantha says:

    ආසයාට වාසිය යනව ඒත් ඉල්ලපු පැත්තට තුරුම්පු නෑඑනිසා ලකුනු මදි දිනන්නමේ ගේම එකෙන්ම පරාදයි

  2. daminda says:

    asthaawara ratakata hetakk nomatha……………..

Main News