විශ්වාස භංගයට පෙර ඇමතිකමෙන් ඉල්ලා අස්වන්න..- පොහොට්ටුව ගම්මන්පිලට කියයි..

July 6, 2021 at 9:20 am | lanka C news
විශ්වාස භංගයට පෙර ඇමතිකමෙන් ඉල්ලා අස්වන්න..- පොහොට්ටුව ගම්මන්පිලට කියයි..

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් තමන් සහ තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කළ මතයේ කිසිදු වෙනසක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ මෙතෙක් පක්ෂයක් ලෙස අවසන් තීරණයකට එළඹ නැති බවද එම විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂව ඡන්දය ලබාදීම පිළිබඳව ඉදිරියේදී ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡාවකින් පසු තීරණයකට එළඹෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම මගින් ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සාගර කාරියවසම් මහතා මීට පෙර ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංගයේදී විපක්‍ෂයට වාසිවන කිසිම තීරණයක් පක්‍ෂය නොගන්නා බවද ඔහු එහිදී පැවසීය.

නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම මතයේ කිසිදු වෙනසක් වී නැති බවයි.

උදය ගම්මන්පිල මහතාට සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 සහ 20 දෙදින තුළ විවාදයට ගැනීමටත් 20 වැනි දා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමටත් තීරණය වී තිබේ.

මේ අතර වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විස්වාසය පළ කිරීමේ යොදා බවට පත්කර ගැනීමට සූදානමින් සිටින බවයි.

ඉන්ධ මිල ඉහල දැමීම රජයේ සහ කැබිනට් මණ්ඩලය තීරණය බැවින් මේ සම්බන්ධයෙන් තමන් මුලසිට දරන ලද ස්ථාවරය කිසිදු වෙනසක් නැති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විස්වාසභංගය පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුදකාරී තත්ත්වයක් පත්ව ඇති බවයි.

විශ්වාසභංගය විවාදයට නොගැනීමට විකල්ප යෝජනාවක් ලෙස බලශක්ති අමාත්‍යා ගේ විෂය වෙනස් කිරීම හෝ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීම කළ යුතු බවටද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවේ ඉහළ නායකයන්ට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත.

82,209 views

47 Comments to “විශ්වාස භංගයට පෙර ඇමතිකමෙන් ඉල්ලා අස්වන්න..- පොහොට්ටුව ගම්මන්පිලට කියයි..”

  1. ගම්මන්පිල අස් නොවන්න.! මොකටද අස් වෙන්නේ ? කැබිනට් මන්ඩල තීරනයකට අනුව කටයුතු කිරීම, ඇමති කමෙන් අස් විය යුතු හේතුවක් නොවේ! අපිට බලන්න ඕනෑ පොහොට්ටු පසු පෙල බැසිල් සක්කිලියෝ ටික දෝශාබියෝගයේදී හැසිරෙන අන්දම සහ උන්ගේ අවලම් අන්දම ?

    • පරාක්‍රම says:

      අනිවාර්යෙන්ම! දෝෂාභියෝගය පරද්දන්න වැඩ කරන අයට ඊලඟ චන්දෙන් ඇප කැන්සල් වෙයි.

  2. ප්‍රයිවට් says:

    ඉල්ලා අස්වෙන්න කියන්නෙ පොහොට්ටුව ගම්මන්පිල මහත්තයාට ස්පෝට් කරන්නෙ නැද්ද?
    සාගර කාරියවසම් කියන්නේ කොහෙන් ආපු එකෙක් ද? පොහොට්ටුව නිර්මාණයට මූලික වෙච්ච අයට වඩා සාගර උඩ ගියෙ කොහොමද?

  3. sihala yaka says:

    කවුද සාගර කාරියවසම් කියන්නේ ? අහලවත් නෑනේ.

  4. සනත් ඉතාලිය says:

    කුක්කන්ගේ නිරුවත හෙලිකරගැනීමට ගම්මන්පිල මහතා ගන්නවූ උත්සහායට අපගේ ගවුරවය. පොහොට්ටුවො රෙදි ගලවගන්නෙ ඔය විවාදෙදි තමයි. පොහොට්ටුවො කිව්වෙ හැමෝම නෙවේ බැසිල්ගෙ ගූ කන කුක්කො පමනයි

  5. RAYMOND says:

    අදටත් අප පොදුජන පෙරමුණේ
    ඒත් කාරියවසම් ගේ පැත්ත ගෙන කටයුතු කලොත් පොදුජන පෙරමුණ අතහැර දමනවා

  6. Sura says:

    මුල අමතක, දන්නේ නැති, මේ වගේ ජඩ දේශපාලුවෝ ඉන්නකන් පොහෙටේටුවට අබ සරණයි. විමල්ලා, ගම්මන්පිලලා, මහින්ද සහ ගෝටාභය මහත්වරුන් සමග රට දිනවන්න ගත්ත උත්සාහය මුං දන්නේ්නෑ .
    .
    එි මුං කිරි බොනකාලේ නේ

  7. බන්ඩා says:

    තෙල් මිල වැඩි කරන්න ඇමති මන්ඩලය තීරණය කලා නම් ඇමති ⁣කුට්ටම ම ඉල්ලා අස් විය යුතුය්.

    • ගන්ජ බන්ඩා says:

      තව අවුරැද්දකින් එන පලාත්පාලන චන්දෙදි බැසිල් ගෙ චන්ද මැසිමට වෙන දේ බලන්න. අපි තමය් බැසිල්ගෙ හරක් රැලට කතිරෙ ගැහුවේ. හෙට චන්දෙ තිබ්පොත් 25% ක් ලැබෙන්නෙ නැහැ.

  8. ගිජුලිහිණි සංදේශය says:

    රට බිම දමා පාගන බව දන්නේය
    පිට පිට ගුටි කතත් තව මර නිනදේය
    කට මැත කියන්නේ සක්වල පව්වේය
    මුට අපි කියන්නේ අං නැති මීමාය

  9. මේ ඔක්කොම එකම සිනමාවක නලූ නිලි දෙබස් අපි බලන් ඉන්න අය කරුවලේ says:

    ප්‍රතිඑලය විවේක කාලය. අවසානය.ලයිට් වැටූනම එලියට. කැමතිනම් ඊ වගේ ෂෝ එකට ටිකෙට් අරන් බැල්කනියට ම යමූ. නැතිනම් මූදූ වෙරළට.

Main News