විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත‍්‍රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා..

March 23, 2018 at 11:31 pm | lanka C news
විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත‍්‍රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දෙන ලෙස බල කරමින් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුනට සල්ලි මලූ පිටින් බෙදා දෙමින් සිටින්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක්වෙමිනි.

කොළඹ කිංස්බරි හෝටලයේදී අද පෙරවරුවේ එක් අයෙකුට එවන් සල්ලි මල්ලක් බෙදා දී ඇතැයිද කී මන්ත‍්‍රීවරයා ආන්ඩු පක්‍ෂයේ ඉදිරි පේලියේ හතරවැනි පුටුවේ සිටින ඇමතිවරයා විසින් සල්ලි මල්ල දුන් බවත් වැඩි දුරටත් පැවසීය.

17 views

3 Comments to “විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත‍්‍රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා..”

  1. Nim says:

    S.B PARLIAMENT AKE NATHUWA
    KAMATHTHA DUNNE KOHOMADA?
    HORUNGETH HORU
    KAMBA HORU.
    MONAWADA ME WEHILU?
    MONG PRODAWEN HORAKAMEN
    RATA GENIYANNE
    MOLE UDA EDAGENA ENNA AWUN TA
    PAMANI MEWA ANUMATHA KARANNA
    PULWAN.

  2. Boo says:

    නියම චාන්ස් එක සල්ලිත් අරං …. ඉතුරැ ටික කියන්න ඕනෙ නෑ නෙ …. තේරෙනවනෙ.

  3. Open mind says:

    පූර්ව අත්දැකීම්………ජය වේවා !

Main News