‘විශ්වාස භංගයෙන් ආණ්ඩුව පෙරලමු.. ඉන්පසු වගකීම ගන්න බෑ..’ සජිත් කියයි…

May 4, 2022 at 10:22 pm | lanka C news
‘විශ්වාස භංගයෙන් ආණ්ඩුව පෙරලමු.. ඉන්පසු වගකීම ගන්න බෑ..’ සජිත් කියයි…

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සඳහා සහාය ලබා දෙන්නේ විශ්වාස භංගයෙන් අනතුරුව රටේ වගකීම භාර ගැනීමට සූදානම් නම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

විශ්වාසභංගයකින් ආණ්ඩුවක් පරාජය කල යුත්තේ ආණ්ඩුවක් පිහිටුවා එම වගකීම ගෙන ආණ්ඩුව කරගෙන යා හැකි නම් පමණක් බවත් එසේ නැතුව රට අරාජික කිරීමට සහාය දිය නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.

විශ්වාසභංගයක් ඉදිරිපත් කර ආණ්ඩු ගෙදර යෑමටත් කලින් ආණ්ඩුව ගෙදර යැවීමෙන් පසු සිදුකරන ඉදිරි වැඩ පිළිවෙළක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව ආණ්ඩුව පරාජය කිරීමෙන් පමණක් සිදු වන්නේ රට අරාජික වීම බව ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කිරීම සඳහා මන්ත‍්‍රී ආසන එකසිය විස්සක් දක්වා පෙන්විය හැකි වුවද ඒ සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ තාවයක් ඇති විය යුතු ද හෙතෙම සඳහන් කළේය.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වී ඇත.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සහ ආණ්ඩුව ඉවත් වීම යන කොන්දේසි එම පක්ෂය ඉදිරිපත් කර ඇත.

101,882 views

31 Comments to “‘විශ්වාස භංගයෙන් ආණ්ඩුව පෙරලමු.. ඉන්පසු වගකීම ගන්න බෑ..’ සජිත් කියයි…”

  1. එක්නැලිගොඩ says:

    මේ කතාව සහතික ඇත්ත. විශ්වාසභංග කින් පසු රට කරන්නේ කොහොමද. ඒ සදහා වැඩපිළිවෙළක් තිබේද? නැත්තම් අපිට වෙන්නේ කබලෙන් ලිපට වැටීමට.

    • Poor patient says:

      Pl ask the same question from Gallfacians.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි….
      No problem mallila ape gedara enda PINATA ARAKKU ADIYAK GAHANDA PULUWANNE MATA OYALAGEN.

  2. නිමල් says:

    මේකා නායකයෙක්ද නැතිනම් හිවලෙක්ද?

  3. atta says:

    එසේ නම් උද්ගෝසන අසාර්ත කයි.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    බූරු පුටානෝ බයයි. බැරි වෙලාවත් ආංඩුව ගන්න වුණොත් දෙය්යන්ගෙම පිහිටයි. පකිස්තානයේ බලයට ආපු විපක්ෂෙ දැනටම අමාරුවේ.

  5. Asoka says:

    විපක්ෂනායකතුමනි ඔය එහෙන් මෙහෙන් පැන පැන එන රිලවුන්ගේ අදහස් වලට ඔබ ක්‍රියා නොකිරීම නැණවත්’ විපතේදී අත් හරින මිතුරන් ඕබටද එසේ කල හැකියි’ ඒ අත්තෙන් අත්තට පනින රිලවුන්ට වඩා හොද නැණවත් මන්ත්‍රී පිරිසක් ඔබට සිටිනවා.

  6. Amith says:

    පිස්සු මෝඩයෙක්

  7. Arapan Machan says:

    Ara Gammanpila rilavata thva meedia conference ekak thiyanna kiyapalla.
    Oo anduwa kee sarayak than peraluwads evain.
    Anura kotage corruption files wageu!
    Mun thamai horu, Rajapsssala newei.

  8. sira says:

    ඒක නේන්නම් ගොන් හරකුනේ කියන්නේ හරි ව්‍යවස්ථාවක් ගෙනල්ල විදයකය අයින් කරලා තාවකාලික ජනාදිපතිවරයෙක් පත් කරගෙන, List එකේ ඉන්න 29 අයින් වෙලා, වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ගෙනල්ල මේක හදනවා ඕයි, තොපිට මැජික් තමයි, මොකද උඹල දන්නේ හොරකම විතරයි.

  9. අනේ ගොනෝ says:

    ඇඳුම් මාරු කරනව වගේ ජනාදිපතිලා මාරු කරන්නබෑ. ඒකට නියමිත කාලයක් තියෙනවා. ඊට කලින් අස් වෙන්න බෑ . අස් උනොත් ඉන්න අගමැති ජනාදිපති වෙනවා චන්දෙ තියන්න තියා පාන් කියාගන්නත් බැරි තැනක දැන් රට තියෙන්නෙ ඔක්කොම ගෙදර ඇරලා උඹෙ ආච්චිට තමයි රට කරවන්න වෙන්නෙ.😂

  10. Patriot. says:

    No vision, No responsibility.,
    Hamlet-” Words fly up, thoughts remain below”. Wants to rule once the problem has been solved. What leaders we have?

Main News