විශ්වාස භංගයෙන් උතුර කැළඹේ.. උතුර පුරා හර්තාල්.. උද්ඝෝෂණ.. කලු කොඩි..

June 16, 2017 at 12:40 pm | lanka C news
විශ්වාස භංගයෙන් උතුර කැළඹේ.. උතුර පුරා හර්තාල්.. උද්ඝෝෂණ.. කලු කොඩි..

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන්ට එරෙහිව භාර දුන් විශ්වාශ භංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ හර්තාලයක් ක්‍රියාත්මක වන අතර උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය.

යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම වෙළඳසැල් වසා දමා තිබූ අතර ඊට අමතරව පාසල්ද වසා තිබුනු අතරම යාපනය සරසවියේදී සියලුම පීටයන්හි දෛනික් අධ්‍යාපනික කටයුතු සිදු නොවුනු අතර යාපනය විශ්වවිද්‍යාල සේවක සංගමයද හර්තාලයට සහය දක්වා තිබුණි. ඊට අමතරව යාපනයේ කිසිදු බස්රථ ධාවනයක් සිදු නොකරමින් බස් රථ සංගම් මගින්ද හර්තාලයට සහය දක්වා තිබුණි.

යාපනය දිස්ත්‍රීක්කයට අමතරව උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වන මුලතිව් , කිලිනොච්චිය ,මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අතර වව්නියාවේ ස්ථාන කිහිපයක වව්නියාවේ ජනතාව නමින් උතුරු මහඇමති වරයාට විරුද්දව ඉල්ංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ගෙන එන ලද විශ්වාශ භංගයට විරෝධය පල කර සිටින බවට පොස්ටර් කිහිපයක්ද අලවා තිබුණි.

පක්ෂය තුල කුමන ප්‍රශන් ඇති වුවත් දෙමළ ජනතාව උතුරු පලාත් සභාවට තෝරාපති කරගත් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරියටත් මහඇමති වරයා වශයෙන්ම උතුරේ ජනතාවට අවශ්‍ය බව කියමින් වව්නියාව බස් නැවතුම් පල ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවත්වූහ.

වව්නියාව තමිල් මරම් නැමති සංවිධානය ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් අදාල උද්ඝෝෂණය පැවති අතර උද්ඝෝෂණය සඳහා දෙමළ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් හා නීතික්ඥවරුන් පිරිසක් මෙන්ම වව්නියාවේ තරුණයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.

අවුරුදු 30 ක යුද්දයෙන් පසුව ඉතා අසීරුවෙන් උතුරු පලාත් සභා මැතිවරණයක් පවත්වා උතුරේ සියලු දෙමළ ජනතාවගේ අවහ්‍යතාවයන් මත උතුරු මහ ඇමති වශයෙන් සී.වී.විග්නේෂවරන් මහතා තොරාපත් කර ගත්තද මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති පක්ෂ වල ඇති ගැටලු කාරී තත්වයන් හේතුවෙන් උතුරු මහඇමති ප්‍රධාන අමාත්‍ය තනතුරින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බැවින් එය වහාම නතර කල යුතු බවටත් උතුරු මහඇමති ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් ඉදිරියේදී සියලු උතුරේ වැසියන් වීදි බැසීමට සූදානම් බවටද කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

52 views

3 Comments to “විශ්වාස භංගයෙන් උතුර කැළඹේ.. උතුර පුරා හර්තාල්.. උද්ඝෝෂණ.. කලු කොඩි..”

  1. fass says:

    Oka thamai kiyanne koti marunata unge boothayo thama innawa kiyala, api kiyanne unta ayeth pana denna hadanna epa kiyala Sahajeewana magul katha kiyala

  2. COBRA says:

    ( පිරපාකරන්ගේ අවතාරය ) විග්නේශ්වරන්ට ඊළම් ත්ර්ස්තවාදියාට උතුරේ දමිලයින්ගේ ඇති කැමැත්ත ..දෙමල සංහිදියාව ? සහජීවනය? අනුන්ගේ රටක් අල්ලාගැනීමට දක්වන එකමුතුකම ……..
    සිංහලයා එකිනෙකා ඇනකොටා ගනිද්දී …තමාගේ මව් බිම විනාශ කරද්දී…
    සක්කිලි කල්ලතෝනි දෙමෙල්ලු ඔවුන්ට නැති රටක් ඇති කර ගන්න හදන උත්සාහය බලා පල්ලා

  3. sky says:

    විග්නේශවරන් මහා ඇමති ධුරයෙන් ඉවත් කරනු ..මොහු ජාතිවාදියෙක් බෙදුම්වාදියෙක් අපේ රටට අනතුරක්

Main News