විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..

April 6, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..

ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී ගැනීමට තමාට සිදු වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

2020 ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමාට අදහසක් නොමැති නිසා සිය ඉතිරි ධූර කාලයෙදී රටෙත්,ආණ්ඩුවේත් වැඩ කටයුතු බාධාවකින් සහ ප්‍රශ්නයකින් තොරව නිවැරදිව ඉදිරියට ගෙන යාමට තමාට ඉඩ තිබිය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අනතුරු අඟවා තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත් වූ සාකච්ඡාවේදී, විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යා නොහැකි නිසා ඒ අය අදාළ තනතුරුවලින් පහ කළ යුතු යැයි එහිදී පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්, අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නොමැති පිරිසක් සමග මේ ගමන ඉදිරියට යන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කර ඇත.

එහිදී ඊට විරුද්ධව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ මේ කණ්ඩායම ඒ අයගේ තනතුරුවලින් පහ කළොත් ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එකතු වනු ඇති අතර එවිට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන එම කණ්ඩායම දේශපාලන වශයෙන් ශක්තිමත් වන බවය.එමනිසා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළා කියා එම මැති ඇමතිවරුන් ඒ අයගේ ධූරවලින් පහ කිරීමට ඉඩ දිය නොහැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ කියා ඇත.

ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධව අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මේ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ වෙත අමුතුවෙන් යන්න අවශ්‍යතාවක් නොමැති අතර ඒ අය මේ වන විටත් සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය සමග බවය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් උද්ගත වූ මත ගැටුම් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාව අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇත.

සුමුදු පෙරේරා
– lankanewsweek.com

34 views

24 Comments to “විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..”

  1. හේතු පලය says:

    තමාට ජනාධිපති වෙන්න උදවු කරපු අයට පිටුපෑමේ පලය ලැබෙන්නේ මේ ජාතියේ පමණි නමුත් රටට පිටුපැවොත් අනන්ත සන්සාරේම දුකට පත් වෙන්න වෙයි හේතු පලය දැනගෙන කටයුතු කලොත් ජනාධිපති දිනුම්

  2. Samuvel says:

    කිසිවක් දැඩි නැති මෙයාගේ පියවර විතරක් දැඩි වෙන්නේ කොහොමද.අපිට මතකයි ඉස්සර මඩු වලිග පාර ..කඩු..පාර දුන්න හැටි.

  3. KING BIMBISARA says:

    ඔහොම යං ,ඔහොම යං

  4. pop says:

    ne me minissu dena ekathu wela ratata karana aparaday.

  5. dasum says:

    These ministers who vote against PM must chase away from the government. They have no ethical right to be in the parliment. If president not cooperating, put a impeachment against him.

  6. parakum says:

    This man is decending from ungrateful family, his father should be grateful to DS who gave this landless peasant a place and land to make a living.

    • victor says:

      Perakum, he is being grateful. He is paying his and his fathers debt of gratitude to the UNP alright !!

  7. D .Nimal says:

    225 members of Parliament try to fool that millions of People of our country.
    This is what happen last 70 odd years. All political parties are rouges!

  8. Snow White says:

    “2020 ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමාට අදහසක් නොමැති නිසා ……”.

    Can anyone believe this statement?
    Tomorrow he’ll summon a media conference and declare that he didn’t say so.

Main News