විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..

April 6, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..

ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී ගැනීමට තමාට සිදු වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

2020 ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමාට අදහසක් නොමැති නිසා සිය ඉතිරි ධූර කාලයෙදී රටෙත්,ආණ්ඩුවේත් වැඩ කටයුතු බාධාවකින් සහ ප්‍රශ්නයකින් තොරව නිවැරදිව ඉදිරියට ගෙන යාමට තමාට ඉඩ තිබිය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අනතුරු අඟවා තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත් වූ සාකච්ඡාවේදී, විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යා නොහැකි නිසා ඒ අය අදාළ තනතුරුවලින් පහ කළ යුතු යැයි එහිදී පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්, අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නොමැති පිරිසක් සමග මේ ගමන ඉදිරියට යන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කර ඇත.

එහිදී ඊට විරුද්ධව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ මේ කණ්ඩායම ඒ අයගේ තනතුරුවලින් පහ කළොත් ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එකතු වනු ඇති අතර එවිට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන එම කණ්ඩායම දේශපාලන වශයෙන් ශක්තිමත් වන බවය.එමනිසා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළා කියා එම මැති ඇමතිවරුන් ඒ අයගේ ධූරවලින් පහ කිරීමට ඉඩ දිය නොහැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ කියා ඇත.

ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධව අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මේ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ වෙත අමුතුවෙන් යන්න අවශ්‍යතාවක් නොමැති අතර ඒ අය මේ වන විටත් සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය සමග බවය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් උද්ගත වූ මත ගැටුම් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාව අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇත.

සුමුදු පෙරේරා
– lankanewsweek.com

75 views

24 Comments to “විශ්වාස භංගයෙන් පසු ජනපති-අගමැති පළමු හමුව උණුසුම්.. තමනට අභියෝග කලොත් දැඩි පියවර ගන්නා බව ජනපති කියයි.. සාකච්වා විසදුමක් නැතිව අවසන්..”

  1. Saradiel says:

    වහාම ශ්‍රීලංකා නිදහස්පක්ෂ රජයක් පොහොට්ටුව සමග ගෙන ආ යුතුය බටහිර ගැති රජය පන්නා දමමු

  2. Nim says:

    OHOMA YAAAN
    MEWATA MONAWA KIYANNADA??
    ADOO MUKAYEN
    HINAWENAWA HARENNA???

  3. බිකංසා says:

    අපි තරහයි තුන්වන ඉනිම

    • Kings says:

      හරියට හරි.

      • bleo says:

        පට්ට ගේමක් දෙන්නෙ ! අපිට සදහටම කෙලවෙනකම් ඔහේ බලා ඉඳිමු. වෙන මොනව කරන්නද.

        • maraya says:

          හොර නරියකුයි වසලයකුයි දාන බොරු ෂෝ …කාවද මේ රවටන්නේ ?

  4. Saman says:

    ‘Api Tharahai’ season two ….

  5. PUNCHI SIGHO says:

    THIS IS CALLED RAGAPANAWA. MY 3 is a un believable dirty selfish idiot.

    • victor says:

      These to devils are colluding with each other for their personal benefit while destroying the country. For how long do they think these people will live, another 100 years with their ill gotten power and wealth ? They will rot in hell for destroying their own motherland. Do they ever look in the mirror (not literally) to understand how ugly they are ?

  6. Don jusn says:

    124 members said bond scam MARTIYAGASEEMA good as Ranil MY3 wanted.

    Voters are the losers.

    Now Ranil to give TNa 10 demands to establish Prabakaran rule.

  7. රාහුල මල්ලී says:

    රටේ දේශපාලන අර්බුදයක් ඇති වෙන කොට අඩු ගානේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡනතාවට ඕනෑම කෙනෙකුට පත් කර ගන්නට විධායක ඡනපතිට තිබු බලය දන් නොදී එය රැක ගෙන සිටියා නම්.. ඡනපතිට අද ඔය එක එකාට තර්ඡන ගර්ඡන දදා නැවෙන්නේ නැතිව ඉන්න තිබ්බා.. එහෙම තිබ්බ නං ඔය කෑ ගහන එක වීරයෙක්වත් ඡනපති ඉස්සරහ මීක් කියන සද්දයක් දාන්නේ නෑ… ඕක තමයි විධායක ඡනපති හැටියට තමන් සතුව තිබිය යුතු බලය ඡේ.ආර් තියා ගත්තේ…

  8. Samarapala says:

    අගමැටිට , නෝටිය මම බොරුවට තරහෙන් බැන්නේ කොහොමද අනේ ඔයාව දාල යන්නෙ කියල අද රෑට කෝල් කරල කියයි.

    • bleo says:

      ඌ මුගේ හොර ටික දන්නවා. මූ උගේ හොර ටික දන්නවා. දෙන්නට දෙන්නා checkmate ( aththatama ‘draw’) ! Country is taken to hell !

  9. Namal says:

    Me ranilai maitri rata kanwa whama ila aswenna ekai Jan mataya

  10. eden says:

    How can MY3 contest again for Presidency? Last time he won the elections on UNP votes , but with whose votes next time? He will not have a party even this time. He should abolish the Presidency as promised, otherwise he will not even have chance to live peacefully in future. He has got bogged everything politically as well as personally.

    Also, Ranil should be chased away from Leadership of UNP immediately. He spolit the party in many ways. He is now branded as a real Rouge. Enough is enough. Sajith or Rajitha or Karu should take the leadership immediately.

Main News