විශ්වාස භංගයෙන් පසු ජනපතිට දෝෂාභියෝගක්…

March 25, 2018 at 12:02 am | lanka C news
විශ්වාස භංගයෙන් පසු ජනපතිට දෝෂාභියෝගක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

එහිදී සඳහන් කර ඇත්තේ,යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් ක්‍රියා කරති.

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර “විරසකයක් ඇති කිරීමේ” සහ “ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ” කුමන්ත්‍රණයක් යනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම් වරයාද මිට පෙර සඳහන් කර තිබිණි.

එහෙයින්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවද ඔහු කියා සිටියේය.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් පැවසිය

– sathhanda

18 views

4 Comments to “විශ්වාස භංගයෙන් පසු ජනපතිට දෝෂාභියෝගක්…”

  1. sayumi says:

    සත් හඬ කියන්නෙ ගන්ජා දුමියාගෙ පත්තරේ. හොරාට විශ්වාස භන්ග ගේනවට ගන්ජා දුමීයා අප්පච්චි මලා වගේ ශ්‍රීලනිපයෙ ඉන්න අපතයො දෙතුන් දෙනෙක් කැමති නෑ. චන්දෙකට ගිහින් මුන්ට ආයෙ දිනන්න බැරිබව දන්න නිසා රටට හෙන ගැහුවත් කමක් නැ උන්ට ඕනෙ 2020 වෙනකන් මෙහෙමම කකා ඉඳලා ගෙදර යන්න. ඒ නිසා අගමැති පැන්නුවාම “ඔබතුමාටත් දෝශාභියෝගයක් ගෙනෙයි” කියලා මුන් දෙතුන් දෙනා ජනාධිපතිව බය කරනවා ඇති. ඒත් මේවා අහලා රනිල් තියාගත්තොත් අනික් ශ්‍රීලනිප මැති ඇමති වරුන්ටත් සිද්ද වෙන්නෙ ඊලඟ චන්දෙදි වහ කන්න. ඒ නිසා ඔය අනාත අපතයන්ගෙ උවමනා ඉටු නොකර රටෙත් තමන්ගෙත් යහපත වෙනුවෙන් ශ්‍රීලනිපයත් ජනපතිත් දැන් කරන්න ඕනෙ හොරා පන්නන එක.

  2. shantha kuru says:

    meka ganja dumige wadak – muge pattare

    • somapala says:

      මතකද පෙරවාරි (ෆෙබ්රුවරි රනිල් කියන විදිහට) 10ට ඉස්සෙල්ල මෙයා කිය කිය හිටපු කයිවාරු. කී සැරයක් නං මහින්දව එලෙව්වද. මූ කමයි මෛත්‍රි ඇරුනම උන්ගෙ පක්ෂෙ එපාම කොරපු එකා.

  3. Boo says:

    ගංජා කාරයෝ කියන කරන ඒවා ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ.

Main News