විශ්වාස භංගයෙන් රනිල් දින්නොත් ජනපතිට දෝෂාභියෝගයක්..

April 1, 2018 at 9:20 am | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් දින්නොත් ජනපතිට දෝෂාභියෝගයක්..

හතරවෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත විහ්වාස භංගයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් දෝෂාබියෝගයක් ගෙන ඒම සදහා කටයුතු සුදානම් වෙමින් ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

මෙම පියවර එජාපය විසින් ගනු ලබන්නේ විශ්වාසභංගය පරාජය කර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත් වුවොත් පමණක් යයිද වාර්තාවේ දැක්වෙයි.

දැනටමත් එජපයේ ඇමති ධුරයෙක් දරන ප‍්‍රබල නීතීඥයෙක් විසින් දෝෂාභියෝගය කෙටුම්පත් කරමින් ඇති බවත් වාර්තා වෙයි.

දෝෂාභියෝගය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟද සාකච්චා කර ඇති බවද සදහන්ය.

අප මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් සදහන් කලේ දෝෂාභියෝගයක් ගැන කිසිදු සාකච්චාවක් ඒකාබද්ද විපක්‍ෂය තුල මේ වන තෙක් සිදුව නැති බවයි.

එමෙන්ම ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් කියා සිටියේ දෝෂාභියෝගය ගෙන එන්නේ අගමැතිවරයා විහ්වාස භංගයෙන් ජය ලදහොත් නිසා ඔහු අනිවාර්යෙන්ම ඉන් පරාජය කර එජාප පළුවක්ද ගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවය.

8 views

4 Comments to “විශ්වාස භංගයෙන් රනිල් දින්නොත් ජනපතිට දෝෂාභියෝගයක්..”

  1. sranapala says:

    ඉදිරි වසර 10,20 ලොකු සංවර්ධනයක් රටේ ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ,පසුගිය වසර 70 ගැන සිතන කොට.එකම දේ රට කැලි නොකැඩි තියෙන එක පරිස්සම් කර ගන්න එක විතරයි.වෙන විදියකින් කියනවනම් බලගතු පළාත් සභා හැදෙන එක වලක්වන එක විතරයි.

  2. Kolitha says:

    dan kiyapalla kauda hora kiyala…ee ponsiyada….mahindada….?

  3. daminda says:

    balu porayata aluth namakk

  4. simion says:

    “ගෙදර ගියොත් අඹු නසී….මග හිටියොත් තෝ නසී….”

Main News