විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..

March 31, 2018 at 12:02 am | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..

04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බේරා ගැනීම සදහා ඒකාබද්ද විපක්‍ෂය තුල වෙනම මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සමාජ ජාල මාධ්‍යයන්හි තොරතුරු පලවෙයි.

විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දීමට යද්දී විවිධ හේතු කියමින් එය වලකාලීමට උත්සාහ දැරු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මෙහෙයුම පිටුපස සිටින බවද සදහන්ය.

විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩි අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තත්වය අවුල් කිරීම සදහා මෙම පිරිස උත්සාහ ගනිමින් සිටී.

විශ්වාස භංග යෝජනාවෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාබියෝගයක් ගෙන එන්නේ යයි එම මන්ත‍්‍රී පිරිසෙන් කිහිප දෙනෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටින්නේ එම සැලසුම අනුව බවද වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගැන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම තුල හෝ පක්‍ෂ නායක හමුව තුල කිසිදු සාකච්චාවක් මෙතෙක් සිදුව නැති බව ඒකාබද්ද විපක්‍ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එසේ වුවද ජනාදිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන්නේ යයි ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුන් ලවා කියවා ගත් විට ජනාධිපතිවරයා සමග සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් ආරක්‍ෂණවාදී පිලිවෙතකට ගොස් ඡුන්දය දීමෙන් වැලක්වීමේ ස්ථාවරයකට තල්ලූ කිරීමට එහි සැලසුම්කරුවන් අදහස් කර සිටින බවද සදහන්ය.

මේ අතර ලබන දෙවැනිදා රැුස්වන ශ‍්‍රිලනිප මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී විශ්වාස භංග යෝජනාවට පක්‍ෂ වීමට තීරණය වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

0 views

17 Comments to “විශ්වාස භංගයෙන් රනිල් බේරා ගැනීමේ කුමන්ත‍්‍රණයක් ඒකාබද්ද විපක්‍ෂයෙන් අරඹයි..”

  1. kolitha says:

    2020 දි තුන් කොන් සටනක් අවුලවා හංසයා පොදු අපේක්ෂකයා දිනවීමට නම් බුලත් කොළයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් දැමිය යුතුය. අතුරලියේ රතන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී සෙට් එක මේ කරන්නේ ඒ කාර්යයි.

  2. Podimahaththaya says:

    Me anduwa Ranilge anduwaki. Sirisena mahatha nikan rookadayak pamani. Nool sooththaraya thiyenne Ranil atheya. Siyaluma theendu ganne ingirisiyeni. Sirisena mahathata mewa kisaiwak therenne netha. Americawa kiyana hetiyata Ranil siyalla sidu karai. Ranil pannanawa yanu Sirisena mahatha nikamma panna demeemaki. Rnil merenathuru nila nolath janadhipathiya.

  3. David Milli-banda says:

    There is end to lies and damn lies spread by the UNP.
    This prime Minister is a curse to the Country.

Main News