විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි..
July 30, 2017 at 9:20 am | lanka C news
ඇමති රවි කරුණානායක සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේදී හෙලි වූ කරුණු අනුව විශ්වාස භංගයග් ගෙන ඒමට පෙර නම්බු පිටින් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ.
අදාල විශ්වාස භංගයට ආණ්ඩුවේ සිටින ශ්රීලනිප හා ඇතැම් එජාප මැති ඇමතිවරුන්ද සහය ලබා දීමට මේ වන විට තීරණය කර ඇති නිසා එම යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්රහණය කරනු ඇති බැවින් ඊට කලින් ඉල්ලා අස්වීම එජාපයට ගෞරවයක් යයිද එම මන්ත්රී කණ්ඩායම පෙන්වා දී ඇත.
සමහර සුජීලා හෝගාල පොත් ලියනවා ඇති මේදවස්වල රෑට රෑට.. බැඳුම්කර වංචාව වුනේ නැහැයි, එහෙම නොකර වෙනවිදියකට කරා නම් තමයි වරද කියල සේමසිංහල ලිව්වනේ පොත්..
මම මෙරටේ ජනතාවගෙන් ඒ පිලිබඳව සමාව ඉල්ලනව.
මේ මහබැංකු මගඩියට සම්බන්ධ සියලුමදෙනා ඉල්ලා අස්වියයුතුයි. රවී විතරක් නොවෙයි රනිල්, මලික්, කබීර්හාෂිම් ඉල්ලා අස්විය යුතුයි. පළමු වර බැඳුම්කරය පිලිබඳ කෝප් වාර්තාව එලියට එන්න නොදී යට ගහපු ජනාධිපතිටත් වගකීමෙන් මිදෙන්න බැහැ.