විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි..

April 7, 2018 at 11:20 am | lanka C news
විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලට මුලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

ඉරිදා මවුබිම පුවත්පත සමග ඇමතිවරයා අදහස් පල කර ඇත්තේ මෙසේය.

විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?

සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.

ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?

අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.

ලොකුම ගාණ කීයද?

කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.

කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?

මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.

ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?

ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.

– mawbima

53 views

17 Comments to “විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි..”

  1. Trumph says:

    එතකොට අල්ලස් කොමිසම බුදිද…

  2. Nim says:

    LAMAYEKWA PASALATA DAGANNA
    ALLAS GANNA WEDUHAL PATHILA
    HIREE ARINA ME ANDUWATA
    MULU LANKAWAMA BALA ENDI
    ME ALLAS DENA WUN ALLAGANNA
    BARI MOKADA

  3. tomy says:

    Dannawanam gihilla paminili karapan boruwata dodawanne netiwa

  4. ආනන්ද says:

    බැදුම්කර වංචාව සම්බන්ධව රනිල්නේ පොලීසිය කටඋත්තරයක් ගන්නේ කවදාද?
    බැදුම්කර වංචාව සම්බන්ධව රනිල්ට නඩු පවරන්නේ කවදාද?
    මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මෛත්‍රීට, මහින්දට, අනුර දිසානායකට, හකීම්ට , සම්බන්ධන්ට පුළුවන්ද? පාර්ලිමේන්තුව බැදුම්කර වංචාවෙන් රනිල්ව නිදහස් කර ජනතාවට කොකා පෙන්නුවා නේද? කො දැන් බැදුම්කර වංචාව එළිදරව් කළ වීරයන් කෝ……

    • Kamal says:

      දැන් කොහොමද රනිල්ට එරෙහිව උසාවියෙ නඩු දාන්නෙ…

  5. Dasun says:

    Dayasiri, lejja nedda, thawath amathi katuwa suuppu karanne. Thanwath aswela vipakshayata yanne. Neththam enapara badu banis

  6. Pachaya says:

    Bribery commission is only for MR and for the previous government not for yahapalanaya HORAS

  7. Ekayana says:

    Whoever not voted in favor of no confidence motion from SLFP very unlikely that will be elected to parliament in next election.

  8. SUNIMAL says:

    මෙම අව නීතියට ජනාදිපති වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර යුතුය

  9. Love nature says:

    මේ රටේ බහුතර ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යායුතු බවය.

  10. ටි.ඉන්දික says:

    මහඇමැති වෙන්න ගිවෙලාවේ මෙයා ගත්තා කියලා කොච්චර අය කීවද..

Main News