විශ්වාස භංගයේදී රනිල්ට විරුද්ද වන එජාප මැති ඇමතිවරුන් මෙන්න..

March 23, 2018 at 11:44 pm | lanka C news
විශ්වාස භංගයේදී රනිල්ට විරුද්ද වන එජාප මැති ඇමතිවරුන් මෙන්න..

අපේ‍්‍රල් මස 04 වැනිදා විවාද කර ඡන්ද විමසීමකට ගැනීමට නියමිත විශ්වාස භංග යෝජනාවට පක්‍ෂ වන එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කවුදැයි මේ වන විට ඉහල දේශපාලන කවයන්හි නිරීක්‍ෂණයට ලක් වෙමින් ඇත.

වසන්ත සේනානායක, පාලිත රංගෙ බණ්ඩාර, අතුරලියේ රතන හිමි, චතුර සේනාරත්න, විජේදාස රාජපක්‍ෂ යන මැතිඇමතිවරුන් ගැන මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සුළු ජාතික දේහපාලන පක්‍ෂ කිහිපයක මැති ඇමතිවරුන් සමග මේ වන විට විවිධ මට්ටමේ සාකච්චා සිදු වෙමින් ඇත.

මේ අතර අගමැතිවරයාට සහයෝගය පල කරන ලේඛණයට අත්සන් තබා ඇති ඇතැමුන් ගැනද විමසිලිමත්ව සිටින්නැයි උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වෙයි.

55 views

12 Comments to “විශ්වාස භංගයේදී රනිල්ට විරුද්ද වන එජාප මැති ඇමතිවරුන් මෙන්න..”

  1. රජින්ද says:

    රියල් ගොන් පාට් දේශපාලනේ මේක තමයි. වැඩේ කොරන්නත් කලින් කයිවාරු අම්බානෙක. ඕවා අපිට වැඩක් නැහැ. අපිට ඕන වැඩ.. වැඩ..

  2. yako balaya rekaganna dangalan kalakanniyani,

    API THOPA YEWWE RATATA WEDA KARANNA. NETHNAM DEVA SAPAYA WEDEYI

  3. dula says:

    රනිල්වික්‍රමසිංහ මහතාට ට විරුද්ධ වෙන යුඑන්පි මැති ඇමතිවරු ගැන සොයන්නට කලින් අපට විසඳා ගතයුතු ගැටළු කීපයක් ඇත.

    (1)මහින්ද රාජපක්ෂ මහතා කුමන කරුණක් නිසා මෙම දෝෂාභියෝගයට අත්සන් නොකළේද ?

    (2) තමන්ගේ සගයින් ට දෝෂාභියෝගය ට අත්සන් ලබා දෙන්නට හැකි නම් , මහින්ද මහතා එසේ අත්සන් නොකිරීමෙන් පලකරන සහයෝගිතාවය කා වෙනුවෙන් ද?

    (3) එසේ මහින්ද මහතාගේ අත්සන යෙදුවේ නම්, මෙම දෝෂාභියෝගයට ඇති වන්නට තිබු හානිය හෝ අවැඩ තක්සේරු කරනු ලැබුවේ කවුරුන් විසින්ද?
    (4) මෙම ජනතා ද්‍රෝහී ආණ්ඩුව පලවා හැර පාලන බාර ගැනීමට මහින්ද මහතා තවම සුදානමක් නැතිද ?

    (5)මහින්ද මහතා විසින් තම අත්සන නොදීම හේතුවෙන් දෝෂාභියෝගයට විරුද්ධ වන්නන් ඒ ගැන නගන අවලාද. අපහාස සහ උපහාස වලින් දෝෂාභියෝග ක්‍රියාවලිය හාස්‍යට ලක්වීමේ වගකීම බාර ගන්නේ කුමන පාර්ශවය ද?

    මේ මොහොතේ අපට පෙනෙන සත්‍ය නම් කිසි විටකත් රනිල් වික්‍රමසිංහ මහතා එලවා දැමීමට මහින්ද මහතා සුදානම් නැති බවයි. රනිල් මහතා වැනි දුර්වල අපේක්ෂකයෙක් සමග ඉදිරි මැතිවරණයක දී පහසු ජයක් ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව බව පැහැදිලිය.
    රනිල් වෙනුවට විකල්ප සොයන ජනතාව මහින්ද වෙනුවටද විකල්ප සොයන දිනයක් ද එන බව මතක තබා ගතයුතුය

    • kate says:

      Friends, Can anybody answer this Moda dula in “Sudda Sinhala” ? . My point is , dula’s problem is not other people’s problem. What everybody needs is chase away Ranil by any means. He is destroying the country in every minute.

      • dilky says:

        No. It is our problem too. Why has MR not signed it ?

      • ගන්ජ බන්ඩා says:

        කවුද විස්වාස බංගෙට අත්සන් කලේ සහ කවුද අත්සන් නොකලේ යන්න අදාල නැහැ. රනිලට විරැද්ධව අත උස්සන්නෙ නැති උන් ගැනය් ජනතාව මතක තබා ගත යුත්තෙ.

      • ගන්ජ බන්ඩි says:

        කවුද විස්වාස බංගෙට අත්සන් කලේ සහ කවුද අත්සන් නොකලේ යන්න අදාල නැහැ. රනිලට විරැද්ධව අත උස්සන්නෙ නැති උන්ටය් ජනතාව බැටේ දෙන්න ඔිනැ.

      • Hik Lapaya says:

        No need to reply, These idiots from Sirikota 1,600 gang. Till April 4th they will sing like this songs. I think this guy appointed by Lapaya’s office at Temple tress to sirikota,

  4. sinha le says:

    රනිල් යෝජනා කරන්නේ මේ රට සහමුලින්ම ඉංදියාවට පාවා දෙන්ඩ.

  5. Love nature says:

    බලයට එන්න ඡන්ද කාලේ කියපු අමුතු කතා එක්සත් ජාතික පක්ෂය

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා. එතුමා තමන්ගේ චන්ද පොරොන්දුවක් විදියට 1977 මැතිවරණ වේදිකාවේ කිව්වේ තමන් “මැතිණියගේ පෝලිම් හාල් පොලු ක්‍රමය තහනම් කරන අතරම ධර්මිෂ්ට සමාජයක් නිර්මාණය කරන්නට දායක වෙනවා” කියලයි.

    ඒ කතාව ගැන විශ්වාස කරපු රටේ ජනතාව ජේ.ආර්. මහත්තයාව 6න් 5ක බලයක් සහිතව ජයග්‍රහණය කෙරෙව්වත් ඔවුන් බලාපොරොත්තු වුන ධර්මිෂ්ට සමාජය යථාර්තයක් වුනාද කියන එක නම් සැකයක්.

    ඒ වගේම එතුමාගේ ඡන්ද පොරොන්දු ලිස්ට් එකේ තිබ්බ තවත් පොරොන්දුවක් තමා සෑම වැසියෙකුටම ධාන්‍ය ඇට කිලෝ 8 දෙනවා කියන පොරොන්දුව. චන්දෙ දින්නට පස්සේ ඒ ගැන වගේ වගක් වත් නැති ආණ්ඩුව ගැන කුපිත වුනු ජනතාවගේ පැත්ත ගත්තු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පෝස්ටර් එකක් අලෙව්වලු “කුපන් පොත ඉවරයි! කෝ යකෝ ඇට අට?”

    මැතිණිය හාල් ගැන චන්ද්‍රිකා පාන් ගැන කිව්වට මොකෝ අපේ වත්මන් අගමැති තුමා වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා භාවිතා කලේ ඊට වඩා අලුත් විදියෙ පොරොන්දු. ඒ තමා.

    “නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි”

    ඒ වුනාට 2001 දී මේවා කියලා දින්නත් නංගිලා මල්ලිලා මොකද්දෝ හේතුවකට 2004දි චන්ද්‍රිකා මැඩම් එක්කලා එක්කහු වෙලා 2004දි රනිල් මහත්තයාව ගෙදර යැව්වා. දැන් ගෙදර යවන්න කාලය හරි.

  6. Saradiel says:

    දිවි ඇති තුරාවට යලිත් කිසි දිනෙක එක්සත්ජාතික පක්ෂයට ඡන්දය නොදෙමු.

  7. pop says:

    kauda hora, mamayi hora.

Main News