විශ්වාස භංගය දින්නත් පැරදුනත් හදිසි මහ මැතිවරණයක්.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..

April 1, 2018 at 3:28 am | lanka C news
විශ්වාස භංගය දින්නත් පැරදුනත් හදිසි මහ මැතිවරණයක්.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..

අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ගනු ලබන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසු හදිසි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

විශ්වාස භංගයෙන් කවුරුන් ජය ගනු ලැබුවද මීලග ජනාධිපතිවරණයට කලින් මහ මැතිවණය පැවැත්වෙනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංගය ජයගතහොත් අගමැතිවරයා හා ඇමති මණ්ඩලය ඒ මොහොතේ සිට අහෝසි වී යන අතර නව අගමැතිවරයෙකු හා ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිය.

විශ්වාස භංගය පරාජය වුවහොත් ඇමති මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක්ම සිදුවනු ඇති අතර ශ‍්‍රීලනිප ඇමතිවරුන් බහුතරයක් විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයිද වාර්තා වෙයි.

කුමන තත්වයක් යටතේ වුවද ආණ්ඩුවේ 2/3 බලට අහෝසි වී යාම ස්ථිර තත්වයක පවතී.

37 views

6 Comments to “විශ්වාස භංගය දින්නත් පැරදුනත් හදිසි මහ මැතිවරණයක්.. ආණ්ඩුවේ 2/3 නැතිවීම ස්ථිරයි..”

  1. desta says:

    kohomath sama lingika anduwa gedara Yana eka hodai Muku ratama sama lingika wenna puluwan anagathe

  2. Prasanna says:

    පහුගිය සිද්දි එක්ක බලද්දි ජනාධිපති තුමා ේමක් ගහනවා වෙත් නැති වෙ න්න

  3. Asaranaya says:

    දුම් දම දමා තිබුනු ගිනි පන්දම JO එකේ දුම්මල පහරින් දැන් ගිනි පත්තුවී ඇත. පින්ගුත්තරයා සමග අලුවී යනතුරු අපි බලාගෙන සිටිමු

  4. Asaranaya says:

    පින්ගුත්තරයා සමග හැමිණී ඒකා සමග පිලිස්සෙන්න අවශ්යයනම් බුදියා ගත්තට කමක් නැත,, එසේ නැත්නම් ගිනිගෙන පිලිස්සෙන්ට කලියෙන් බේරෙන්න අවශ්ය නම් , විපක්ශයට පැන ගත්තොත් යහාපතී

  5. Open mind says:

    2/3 නැති නම් මහ මැතිවරණ ළඟ නැහැ.

  6. Balagalle says:

    දැන් ඉතින් පෙරලුන පිට හොදයි කියනවා….දැන් ඉතින් පෙරලුන පිට හොදයි කියනවා….පාර්ලිමේන්තුවේ 2/3 නැති කරන්න අවුරැදු 4ක් ගියා එහෙනන්…නමුත් ජාතික ආණ්ඩු අටමගලේ එහෙමම තියෙනවා…100 පමණ ඇමති මණ්ඩලයත් එහෙම තියෙනවා…ඒත් පෙරලුන පිට හොදයි කියනවා…අනේද කියන්නේ….