විශ්වාස භංගය පුස්සක්.. අගමැතිතුමාට දීර්ඝායුෂ වේවා.. චිරාත් කාලයක් අගමැති වී ජනතාවට සේවය කරත්වා..- රාජිත

March 25, 2018 at 8:40 am | lanka C news
විශ්වාස භංගය පුස්සක්.. අගමැතිතුමාට දීර්ඝායුෂ වේවා.. චිරාත් කාලයක් අගමැති වී ජනතාවට සේවය කරත්වා..- රාජිත

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පුස්සක් බවත්, එය පරාජය කිරීමට රජයට හැකියාවක් ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද ජාතික වැඩසටහන සංවිධානය කළ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ සිට පදනම් ආයතනය දක්වා මෙම පාගමන (24) පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“විශ්වාසභංග යෝජනාව පරාජය කිරිමට සියලු බලවේග අපි එකතු කරනවා. එය පරාජයට පත් කිරීමට කටයුතු කරනවා. වසර 2020 වනතුරු මෙම රජය පවතිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදයි. මම පළමුව සුබපතන අතර, දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍යධූරයේ රැදී සිටිමින් තවත් කාලයක් ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා.

ක්ෂය රෝගය මර්දනය කිරීම පිළිබදව ලොව පුරා අවධානය යොමු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ලොව පුරා මිලියන 10 කට අධික ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

4 views

11 Comments to “විශ්වාස භංගය පුස්සක්.. අගමැතිතුමාට දීර්ඝායුෂ වේවා.. චිරාත් කාලයක් අගමැති වී ජනතාවට සේවය කරත්වා..- රාජිත”

  1. තෙපාණිස් says:

    විශ්වාස භංග යෝජනාවෙයි, ක්ෂයරෝග මර්දනයයි අතර
    ඇති සම්බන්දය මොකක්ද දත් දොස්තර මහත්තයෝ?

    • UNP කාරයා says:

      ඇයි MR හැම පන්සලක් ගානෙම ගිහින් දේශපාලනය කතා කරන්නෙ.දේශපාලනෙයි පන්සලෙයි සම්බන්ධය මොකක්ද ?

  2. ගන්ජ බන්ඩා says:

    අාණ්ඩු මාරු උනොත් මහ බැංකු හොරා රනිලට විතරක් නෙවෙය් නැව් හොරා රාජිත මොහමඩ්ටත් කෙලවෙන නිසා දිගටම රනිල අගමැටි කමේ තියා ගන්න දතා වලි කනවා.

    • හින්බබා සියා says:

      කතාව ඇත්ත ..දැන් රාජිතට තරු පේනවා වගෙයි..ඊළගට එන්නේ ඔහුගේ වාරය ..මොහුට විරුද්ධව විශ්වාස භංගයක් තවම ගෙනාවේ නැත්තේ මන්ද ?

  3. Fass says:

    Anduwath kshaya roge wage thamai,

  4. Nim says:

    AMANA KATHA NOKIYA HITIYOTH
    HODA
    EGILENA KOTA SUDA PENAWA ”
    PRASASTH GAYANAYATA KUTTIYA
    KOPAMANADA LABUNE?
    JARAWA KAPU THARAMATA
    WAMA ARINA AKA
    HODA NAHA NEEDA?

  5. Gon Dilan Jo says:

    ඔව් ඔව් එතකොට උඹටත් චිරාත් කාලයක් හොරා කන්න පුළුවන්නේ. රනිල් ගියොත් උඹට යන්න වෙන්නේ වැලිකඩ නේ. නොදකින් කාලකන්නි පාහරයා.

  6. සීගිරි says:

    සමස්ථ ජාතියේම දත ගලවන දත් දොස්තර….

    • Asaranaya says:

      කුණු දතා ගන්ජා ඔස්තාර්, ගන්ජා දුමියා නොවෙ. මූ තමයි හීන් නූලෙන් යුඇන්පිය ඉමේජ් එක විනාශ කරන්නේ, අනේ අම්මපා යුඇන්පී කරයන්ට මෙය නොතේරෙන හැටි. මේ රදවාගෙ සහාය ගත්තොත් පක්ශය ඉතිරි වෙනෑකක් නැහැ

  7. Boo says:

    හොරැ වෙනුවෙන් හොරැ.

  8. Pina says:

    ඔවු මාත් කියන්නෙ ඕකම තමයි. එතුමා දීර්ගායුශ ලැබගෙන අපිවත් රැකගෙන හැමදාම අගමැති පුටුවේ ඉන්න ඕනා. නැත්නම් අපිටයි රාජිත ඇමතිතුමාටයි මෙහෙම පුටුවල පිස්සු කතා කියකියා හරි ඉන්න ලැබේවිද හලෝ. අපෝ මැරිච්ච අප්පච්චි නම් ආවොත් පිනාත් සුන් පිනාගෙ අම්මත් සුන්.

Main News