විශ්වාස භංගය පෙන්නා පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කල් දැමිලි වානා..- මරික්කාර්

March 29, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගය පෙන්නා පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කල් දැමිලි වානා..- මරික්කාර්

පොහාට්ටුව ඡන්දය දුන් යූන්පී කාරයාගේ මනස දිනා ගැනීමේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම  අදහස් පළ කරන ලද්දේ රුපියල් ලක්ෂ 50 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මහබුත්ගමුව චිත්‍රාගාර මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් විශ්වාසභංගයක් සමහර අය පටලවගෙන තියෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි ඒක පටලවගෙන නෑ. විශ්වාසභංගයේ තියෙන්නේ ආණ්ඩුව රැක ගන්නවාද යන තීන්දුවයි. ඒ නිසා ආණ්ඩුව රැක ගත යුතුයි යන තීන්දුවේ අපි ඉන්නවා. මොකද ඒකාබද්ධ විපක්ෂයට  අවශ්‍ය විදිහට ඒක අල්ලේ නටවන්න දෙන්න බෑ. ඒ වගේම විශ්වාසභංගයේ මුවාවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් කල් දාන්න බෑ.

අපි ගම් මට්ටමේ බිම් මට්ටමේ ශක්තිමත් වීමට අමතරව, පසුගිය අවුරුදු 03 දී අපේ ආණ්ඩුවේ කරපු වැරදි නැති කර ගන්නත් ඕනේ. ඒ තමයි හොරුත් එක්ක ඩීල් දාන්නේ නැතිව හොරුන්ව අල්ලන්න ඕනේ.

තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන්න, අලුතින් නිවාස හා නිවාස ණය ලබා දීම සහ ගමේ සංවර්ධනය අංක 01 ට ගෙන ආ යුතුයි. ඒ එක්කම මේ පොහොර සහනාධාර වෙනුවට කෙලින්ම පොහොර ටික දෙන්න ඕනේ. නිල ඇදුමට වවුචර් නැතිව නිල ඇදුම ලබා දීමයි වැදගත්. ඒ එක්කම මේ වැව් අමුණු ටික හාරලා කෘෂිකර්මාන්තය නැවත නගා සිටුවලා ග්‍රාමිය ආර්ථිකයද විශාල වශයෙන් ශක්තිමත් කරන්න ඕනේ.

මේවාත් එක්ක පොහාට්ටුව ඡන්දය දුන්න යූන්පී කාරයාගේ මනස දිනා ගැනීමේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතුයි. මේ දේ අලුත් අයට තනතුරු ලබා දීමෙන් පමණක් කරන්න බෑ. ඒ තනතුරු ලබා දීලා ප්‍රතිසංවිධානය කරන ගමන්  එය ආණ්ඩුව ඇතුළට ගෙනල්ලා ආණ්ඩුව හරහා මේ ප්‍රතිසංවිධානයේ වෙනස ගමේ ජනතාවට දැනෙන්න කළොත් තමයි මේ හැමදේම ප්‍රතිලාභ  ලබා ගන්න පුළුවන් වෙන්නේ යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

12 views

8 Comments to “විශ්වාස භංගය පෙන්නා පක්‍ෂ ප‍්‍රතිසංවිධානය කල් දැමිලි වානා..- මරික්කාර්”

  1. Upali says:

    ජනපති කියනවා පුගිය අවුරුදු තුනේ රටේ ආර්ටිකය විනාස නා කියල. දැන් මෙන්න රජයේ ඇමති වරයෙක් කියනවා ඒ කාලයේ රජය වැරදි කලා කියලා. ඉතින් ඒකාබද්දෙට ඕන විදියට නටන්න ඕන වෙන්නේ නෑ. ආයිත් නටන්න ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. එලවලාම දාවි.

  2. john the baptice says:

    මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පවසයි.

  3. Gadol says:

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ ඒකීය රාජ්‍යය පවත්වාගෙන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

  4. බන්ඩා says:

    අැත්ත තේරැම් ගනින් මරික්කයො. අැත්ත හොරු ඉන්නෙ එජාපයෙය්. රාජපක්ෂලා බෝඩ් ලෑලි හොරු පමණය්. අද සිංහලයො 80% ක් බොරු යහපාලන සංහිඳියාවටය් මහ බැංකුව හොරා කාලා රටේ අාර්තිකය වනසපු එජාපයටය් විරුද්ධය්.

  5. john the baptice says:

    අර්ජුන්ගේ බැඳුම්කර හොර සල්ලි වලින් මරික්කාර් ඡන්ද කැම්පේන් කරලා.. තියනවලු?

  6. buruputha says:

    Aththatama Marik.. Bandunkaren salli keeyak vithara labunada?. Pavu ban uba mona tharam boru kivuvada chande kale. Eth gal pandiyata Kolonnawa dinaganna bari una neda.hoo hoo hoo.

  7. මාතලේ බණ්ඩා says:

    මරික්කාර් “සිරස” මහරජාගෙ පිල්ලියක්.රනිල් ,UNP යෙන් නොමිනේෂන් දීපු ඔක්කොම මාධ්‍යකාරයො රනිල්ට විරැද්ධයි. මරික්කාර්, මනූෂ නානායක්කාර ඒ අතරෙ ඉන්නවා. මාධ්‍යකාරයින්ගෙන් දැන්වත් ප්‍රවෙිශමි වෙනු.

  8. නානා ඕවා වානා. says:

    මරික්කාර් නානා ඕවා වානා.නින්ගල් ඔරු පෙරිය තල වලි ආල්. නරකත්තිරිකුක් චෙල්.

Main News