විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි

April 7, 2018 at 2:10 pm | lanka C news
විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට තමාද වගඋත්තරකරුවකු ලෙස හදුන්වන්නට ඇතැම් පාර්ශවයන් උත්සහ ගත්තද තමාගේ කිසිදු සම්බන්ධක් ඒ සඳහා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත.

මාධ්‍ය ප්‍රධානින් කතෘවරුන් කැදවා ප්‍රකාශ කල බව අද ලංකාදීප මුල් පිටුවේ පල කොට ඇත.

මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කලේ පොහොට්ටුව ලකුණ යටතේ අද සිටින පාර්ලිමේන්තුවේ කණ්ඩායමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ කණ්ඩායමක් බව ජනාධිපතිවරයා එම හමුවේ දි ඉතා පැහැදිලිව සඳහන් කල බවත් වාර්තාවේ දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවට සම්බන්ධයෙන් ඇති වු ඡන්ද ප්‍රතිඵලය සියලු දෙනා දැන් දන්නා බවත් ජනාධිපතිවරයා පැවසූ බව එම මාධ්‍ය වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොදු විපක්ෂයේ ප්‍රබලයෙක් පැවසුවේ අඩුම වශයෙන් ජනාධිපතිවරයා පොදු විපක්ෂය පොහොට්ටුව පක්ෂය ලෙස පිලිගැනිමත් එක්තරා විදියක දෛවෝපගත සිද්ධියක් බවයි.

61 views

23 Comments to “විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි”

  1. Love nature says:

    රනිල්, මෛත්‍රි දෙන්නම ඉන්නේ ජනතාවගේ පැත්තේ නොව උන්ගේපැලන්තිය වෙනුවෙන් බවත් දැන්වත් නුගත් ශ්‍රි ලාංකිකයන් අවබෝධ කර ගත යුතුය. තවත් නොබෝ දිනකින් මෛත්‍රි ගේ මෙවනි දෙපිටකාට්ටු වැඩ නිසා සමසථ ශ්‍රි ලාංකිකයාටම වන්දි ගෙවීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව කල්තියාම අපි අවධාරනය කරමු.

  2. NAK says:

    Every body seems to think that Sirisena is the loser in this NCM saga.But, actually he is the winner and he maneuvered whole process so that his wishes are met. Sooner or later it will come out that it will be Sirisena who will contest the next presidential election as the common candidate with full backing of RW and his UNP. That is price RW will have to pay for retaining his job on the 4th of April.

  3. Asaranaya says:

    බැදුන්කර හොරා නිදහස් කිරීමට උපදෙස් දුන් මයිතූන පඹයා දැන් ශපාන් එකේ ජොලියෙ ගිමන් හරියි, වෙනස සැපයිනේද මචෝ , හා..ද

  4. Samuvel says:

    ජනපති මයිත්‍රේ-අනේ මහතුනේ , මාව නම් ඕවට ගාවන්න එපා . මම ජනපති උනාට නමට පමනි. ඔක්කොම මේ රනිල්ට ඕන විදියටනේ වෙන්නේ.

  5. samantha says:

    The person who introduce himself by the name of Wimal Weerawansa actually his real name is not that,even though I do not want to write his real name here,because most of people know that,doesn’t matter what ever it is but what I want to tell is Mahinda Rajapaksha is the person who has brought this uneducated buffalo this far, otherwise he may be climbing trees somewhere around Kalutara town,so everybody can understand about the amount of politic he knows,other one is Gammanpila he is a person who came to politic by hanging of Champika Ranawaka’s tail, finally he gave away him and joined to Mahinda Rajapaksha in the hope of surviving otherwise he can’t take even 1000 votes if he contest from his party,but both idiots are behaving they are the biggest politicians in the country,therefore anybody can understand the situation of the no confident motion brought by them and the amount of politic they know,general public of the country must understand about these thieves,I can guarantee these website is not going to publish this comment

    • Dr Wikrama J says:

      Excellent Comment, Well done.

    • English Master says:

      “I can guarantee these website is not going to publish this comment”

      1.First of all, your English grammar is wrong. If you don’t know English, write it in English without killing the Queen.

      2. Secondly, they published your grammatically wrong comment. So, you’re wrong again!

Main News