විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි

April 7, 2018 at 2:10 pm | lanka C news
විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවට තමාද වගඋත්තරකරුවකු ලෙස හදුන්වන්නට ඇතැම් පාර්ශවයන් උත්සහ ගත්තද තමාගේ කිසිදු සම්බන්ධක් ඒ සඳහා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කොට ඇත.

මාධ්‍ය ප්‍රධානින් කතෘවරුන් කැදවා ප්‍රකාශ කල බව අද ලංකාදීප මුල් පිටුවේ පල කොට ඇත.

මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කලේ පොහොට්ටුව ලකුණ යටතේ අද සිටින පාර්ලිමේන්තුවේ කණ්ඩායමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන කණ්ඩායම සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ කණ්ඩායමක් බව ජනාධිපතිවරයා එම හමුවේ දි ඉතා පැහැදිලිව සඳහන් කල බවත් වාර්තාවේ දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාස භංග යෝජනාවට සම්බන්ධයෙන් ඇති වු ඡන්ද ප්‍රතිඵලය සියලු දෙනා දැන් දන්නා බවත් ජනාධිපතිවරයා පැවසූ බව එම මාධ්‍ය වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ පොදු විපක්ෂයේ ප්‍රබලයෙක් පැවසුවේ අඩුම වශයෙන් ජනාධිපතිවරයා පොදු විපක්ෂය පොහොට්ටුව පක්ෂය ලෙස පිලිගැනිමත් එක්තරා විදියක දෛවෝපගත සිද්ධියක් බවයි.

84 views

23 Comments to “විශ්වාස භංගය පොහොට්ටුවේ වැඩක්.. මාව ගාව ගන්න එපා.. ඡන්ද ප්‍රතිඵලය පේනවා නේද..- ජනාධිපති අසයි”

  1. කොත්මලේ දිසානායක says:

    අනේ මේවට මොනවා කියන්නද? මහින්දානන්දගෙන් තමයි අහන්නේ තියෙන්නේ ?

  2. Sadda says:

    එක්කෙනෙක් පලාත් පාලන චන්දෙදි සරමෙ මලපහවෙන තරමට සද්දෙ දැම්මෙ කඩුවක් වන වන?..

    • Andare says:

      ඒ කඩුවෙන් පවුල කොස් කොටලා දැන් කොහොල්ලෑ ගෑවිලා හිටං

  3. ජාතිහිතෛශි මෝඩයා says:

    ගම්මන්පිලයි වීරවංශයි අලුත් අගමැති සමඟ දැන් ඇමති මණ්ඩයේ ……………. හූ හූ …………..

    • hewwel says:

      දන්න එකටයි නොදන්න එකටයි හැම එකටම හොට නොදා හිටු.

      • www says:

        ලොක්කා පීචන් වුන හින්ද හිතට අමාරුයි නේ?

  4. පයිතගරස් says:

    ඇද්ද සමහරු තියෙන දූෂණ නඩු බේරාගන්න ආණ්ඩුවේ කුණු හෝදන්න ගිහිං වෙච්ච දේ? කෝ අර ගම්මන්පිලයාගේ ඉලක්කම් සූත්‍රය?

    • ඩිෂුම් says:

      ආණ්ඩුව කියන්නේ විපක්ෂය කියන්නේ කැබිනට් මණ්ඩලය කියන්නේ මොකක්ද දන්නෙ නැති උඹලා වගේ උන් මේකෙ කමෙන්ට් කරන්න එපා බං

  5. neela says:

    ඒ කියන්නේ පොහොට්ටුවයි, ශ්‍රී ලනීපයේ කණ්ඩායමකුයි, රනිල්ගෙ කණඩායමකුයි එකතුවෙලා බැදුම්කර හොරකම ගල් කරලා..නියම බඩුනෙ පාර්ලිමේන්තුවේ ඉන්නේ. දැන් ඉතින් වයිම ආවත් බැදුම්කර වංචාවට දඩුවම් කරනවා බොරැ….හුකෑස්…හුකැස්….

  6. Aurora says:

    ජනාධිපතිට කොන්ද පණ තියේනම් කරන්න තියෙන්නේ එකම දෙයයි. එනම් SLFP සහ UPFA නායකත්වයන් අතහැරලා මහින්ද මැතිතුමා වෙත එම පක්ෂ දෙක නිදහස් කරණ එකයි. එහි ප්‍රතිඵල ක්ෂණිකයි.
    ප්‍රතිපල අංක 1. විපක්ෂ නායක කම මහින්ද මැතිතුමා වෙත ලැබෙනවාත් සමඟම රනිල්ගේ බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු රනිල් මරාගෙන කනවා ඇත.
    ප්‍රතිපල අංක 2. ජනාධිපති මෙතෙක් කරණලද පව් කොටසක් හෝ ජනතාව වෙතින් කමා කරවා ගත හැකිය.
    ප්‍රතිපල අංක 3. SLFP මන්ත්‍රීවරු හට ආණ්ඩුවට එක්වීමේ පව් කොටසක් හෝ ජනතාව වෙතින් කමා කරවා ගත හැකිය.
    ප්‍රතිපල අංක 4. UNP මන්ත්‍රීවරුන්ගේ වාචාල කතා වලට SLFP මන්ත්‍රීවරු හට පිළිතුරු දීමට හැකිය.
    ප්‍රතිපල අංක 5. රනිල්ට 2/3 නැතිවන නිසා ආණ්ඩුක්‍රම අටමගල ගෙනඒමට නොහැකිවීම මත බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු රනිල් මරාගෙන කනවා ඇත.
    මේ සඳහා සිරිසේන ජනාධිපති සුදානම්ද? නිර්භයද? UNP මන්ත්‍රීවරුන්ගේ වාචාල කතා ඉදිරියේ ඔළුව තවදුරටත් පත්කරගෙන ඉන්න තරම් නිවටනම් හෝ බටහිර සහ ඉන්දියන් ස්වාමිවරු හට බයනම් SLFP සහ UPFA නායකත්වයන් අතහැරලා මහින්ද මැතිතුමා වෙත එම පක්ෂ දෙක නිදහස් කරණ එක කල නොහැකිය.

    • Andare says:

      මඟුලක් කතාකරනවා…මම මේ ඔලුව බේරෙගන්න විදියක් හිතනවා හිටං

    • Aurora, oh, you are one of the friends whome I must meet. Your comment is excellent. Thank you very much.

  7. කෝකටත් බැසිල් says:

    විශ්වාස භංගය පැරද්දුවේ මෛත්‍රී සමඟ බැසිල් ……………..

  8. ඇත්ත says:

    බැදුම්කර හොරැන්ට දඩුවම් කිරීමට 2020 ජනාධිපතිවරනයේ ජනවරම ලබා ගනිමු..!

  9. Love nature says:

    ඉස්සාට ඔලුවක් තිබෙන නමුත් ඒ ඔලුවේ ඇත්තේ කුමක්දැයි දන්නෝ දනිති.

  10. Asaranaya says:

    කුණු දතා ජනපතියා කියලා ලඟදී පිටවු රහස් හඬ පටියෙන් පින්ගුත්තරායද දැනගති

Main News