විශ්වාස භංගය මැද විපක්‍ෂයේ තීරණාත්මක නායකයෙකුට ඉන්දියාවේදී හෘද සැත්කමක්..

March 31, 2018 at 10:40 am | lanka C news
විශ්වාස භංගය මැද විපක්‍ෂයේ තීරණාත්මක නායකයෙකුට ඉන්දියාවේදී හෘද සැත්කමක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග උණුසුම මැද විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

එහිදී විපක්‍ෂ නායකවරයා හෘද සැත්කමකට භාජනය කරනු ඇති බවද ඔහුගේ වයස අනුව එය බොහෝ විට විවෘත සැත්කමක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

විශ්වාස භංගයට දෙමල ජාතික සන්ධනයේ ඇතිය තිබෙන බෙදීම නිසා දිල්ලියේ උපදෙස් පැකීම සදහා ඉන්දියාව බලා ගොස් සිටියදී විපක්‍ෂ නායකවරයාට මෙම හදිසි සැත්මක කිරීම සිදුව ඇත.

සැත්කමෙන් පසු අපේ‍්‍රල් 02 වැනිදා නැවත ශ‍්‍රී ලංකාවට ඔහු පැමිණීමට නියමිතව ඇතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව වෛද්‍යවරුන් කරන නිර්දේශයන් මත දිනය වෙනස් වීමටද ඉඩ ඇති බවද සදහන්ය.

විශ්වාස භංගය සම්බන්ධයෙන් මේ වන විට දෙකඩ වී සිටින දෙමල ජාතික සන්ධානයට ආර්. සම්බන්ධන් මහතාගේ පැමිණීම මේ මොහොත් අත්‍යවශ්‍ය වී ඇත.

6 views

5 Comments to “විශ්වාස භංගය මැද විපක්‍ෂයේ තීරණාත්මක නායකයෙකුට ඉන්දියාවේදී හෘද සැත්කමක්..”

  1. Gamini Abaya says:

    if some who do any harmful things to my mother Land…….the nature will give correct and real answer for that.

  2. Sarath says:

    ROti රොටි රොටි රොටි !!!!!!!!

  3. Asaranaya says:

    තල තෙල් තැටියේ රත්වෙන රොටිය කර වෙයිද?

  4. David Milli-banda says:

    Aney, If he took Datha too it would have been even better.

    because of the විශ්වාස භංගය it appears the TNA too is split.

  5. Wijebahu says:

    R.S! Please rest in peace in Tamilnadu.

Main News