විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි… කබීර්, මංගල, අකිල, ගයන්ත ජනාධිපති මැදුරේ ජනපති සමග සාකච්චාවක..

February 28, 2018 at 3:29 am | lanka C news
විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි… කබීර්, මංගල, අකිල, ගයන්ත ජනාධිපති මැදුරේ ජනපති සමග සාකච්චාවක..

කැබිනට් සංශෝධණය ගැන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාස භංග යෝජනාව ගැන හදිසි සාකච්චාවක් සදහා එක්සත් ජාතික පක්‍ෂ ඉහල පෙලේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කර ඇත.

මෙම හමුව සදහා එජාප මහ ලේකම් කබීර් හෂීම්, මංගල සමරවීර, අකිල විරාජ්, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය ගැන ජනාධිපතිවරයා සමග මෙහිදී වැඩි වශයෙන් සාකච්චා කර ඇති බවද වාර්තා වෙයි.

20 views

11 Comments to “විශ්වාස භංග-කැබිනට් සංශා්ධන මැද එජාපය රත්වෙයි… කබීර්, මංගල, අකිල, ගයන්ත ජනාධිපති මැදුරේ ජනපති සමග සාකච්චාවක..”

  1. kamalasirikuruwita says:

    ජනතාවනි ! ඇස් ඇරලා බලාපල්ලා !!! !මේ කැබිනෙට් මාරු , රනිල් එලවිලි , සයිටම් නාඩගම් , මැති ඇමතිවරුන්ගේ කචල් කසිලි බිසිලි , බොරු චෝදනා අටවා මිනිසුන් රිමන්ඩ් කිරීම්, කොහේ හෝ වෙච්ච දුෂණයක් අපචාරයක් මිනීමැරීමක් වැනි සිල්ලර නිව්ස් වලින් මුල් පිටු පුරවද්දී , ජනතාව ඒවා බල බල අන්දොස්වී ඉන්නා අතරේ
    කාටත් හොරෙන් ” එක්ටා ගිවිසුම “,
    රට හා රටේ නිදහස පාවාදෙන නීති ,
    රටේ දේපල පිට රට එවුන්ට කුණු කොල්ලයට විකිණීම ,
    රටේ ජනතාවගේ දේපල විතරක් නෙවෙයි වතුර ටික පවා සුද්දන්ට විකුණන බිස්නස් කෙරෙනකම්
    මහා බැංකු මංකොල්ලය ,
    රට බෙදෙන රට විනාසවන නව ව්‍යවස්ථා මගඩිය වගේ
    දේවල් කාටත් හොරෙන් , කාගේත් අවධානයට හොරෙන් පාර්ලිමේන්තුවට ගනැල්ල හෝ නොගෙනැල්ලා නීති බවට හරවා ගන්නකන් නොඉඳ මුන්ගේ නාඩගම් වලට වඩා ඔය කිව්ව දේවල් ගැන අවධානයෙන් හිටපල්ලා !!!!!!!!!

Main News