මියන්මාර බෞද්ධයන්ට මෙරට සරසවි ඇදුරන්ගේ සහාය.. නිල ලෙස දන්වති..
September 14, 2017 at 8:02 am | lanka C news
මියන්මාරයේ (බුරුමයේ) රඛිනේ පළාතේ ඇතිව ඇති තත්වය පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සහ අන්තවාදී කණ්ඩායම් මුල්වී සිදු කරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මියන්මාර බෞද්ධ ජනතාවට සිදුව ඇති අසාධාරණය පිලිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හමු වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ජාතික සංවිධාන නියෝජිතයෝ දැනුම් දුන්හ.
මේ අවස්ථාවේ මියන්මාර බෞද්ධ ජනතාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අත්වැල් බැඳ ගන්නා බව ද ඔවුහු පැවසුහ. පසුගියදා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට අන්තවාදී කණ්ඩායමකගේ අශෝභන හැසිරීම පිලිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස තමන් ලජ්ජාවට පත්වන බව නියෝජිත කණ්ඩායම දැනුම් දුන්හ.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩ බලන මියන්මාර තානාපතිතුමා පැවසුවේ අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ ජාලාවල පළ වූ ඇතැම් ජායාරුප මීට දශයකට පමණ පෙර අප්‍රිකාවේ රුවන්ඩාවේ දී ලබාගත් ඒවා බවත් මෙය බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් බවත් ය. මියන්මාර ජනාධිපතිතුමාට යැවීම සඳහා විශේෂ ලිපියක් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තානාපතිවරයාට බාර දුන්නේය.
මාදුරුඔය ධම්මිස්සර හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය චන්න ජයසුමන, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ශ්‍රී ලංකා මියන්මාර මිත්‍රත්ව සංගමයේ සභාපති කුමාර සේමගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– nuta