විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන යාඥා මෙහෙයකදී දෙදෙනක් මිය යයි.. 18ක් අසාධ්‍ය වී රෝහලේ..

September 8, 2019 at 5:30 pm | lanka C news
විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන යාඥා මෙහෙයකදී දෙදෙනක් මිය යයි.. 18ක් අසාධ්‍ය වී රෝහලේ..

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව කියූ වැඩසටහනට සහභාගී වූ දෙදෙනෙකු මිය ගොස් තවත් 18 අසච්‍යව රෝහල්ගත කර ඇත.

25000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වී ඇත්තේ අනුරාධපුර හොරොවුපතාන ප‍්‍රදේශයේ පාසැල් ක‍්‍රීඩා පිටියකදිය.

පොලීසිය පවසන්නේ මිය ගොස් හා රෝහල්ගත කර ඇත්තේ විශ්ව ශක්තියෙන් රෝග සුව කර ගැනීමට පැමිණි පිරිසක් බවයි.

තව දුරටත් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර ඇත.

46,353 Viewers

23 Comments to “විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන යාඥා මෙහෙයකදී දෙදෙනක් මිය යයි.. 18ක් අසාධ්‍ය වී රෝහලේ..”

  1. George says:

    ඔන්න ඕවට විරුද්දව කටක් හොලවන්ඩ එහෙම එපා ආගමික සංහිදියාවට බදාවේවි.

    • john the baptice says:

      ඔව් ඌ බුද්ධාගමේ නම විකුණලා මිනිස්සුන්ව අන්දනවා උබ උඩ බලන් හිටපන් ගොනා.

      • Amda says:

        බුද්දාගමේ නම නෙමෙයි අම්බරුවෝ විකුනල තියෙන්නේ උබලගේ සර්වබලදාරී දෙවියන්වහන්සේගේ නම.

      • Me3 says:

        මේ හරක මොනවද මේ කියවන්නෙ

  2. Love nature says:

    රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න…

    “ඔබ යම් කෙනෙකු රවටා සාර්ථක වුවහොත් හිතන්න එපා ඔහු හෝ ඇය මෝඩයෙකු ලෙස….
    සිදු වූයේ ඔහු හෝ ඇය පමණට වඩා ඔබව විශ්වාස කල එකයි.”

  3. Love nature says:

    දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මුලාකරන අය තමන් මානසික රෝගීන් බව දන්නේ නැත.

  4. නිළමේ says:

    අන්තිමේදී නියම දෙවියා ” දොස්තර ” වූ වගයි.

  5. Saliya says:

    මගේ හිතවත් මානසික රොගි වෙදදුරකුද මොහුගේ ශ්‍රාවිකාවක්…. තවත් කුමන කතා ද….. උගත් උනත් මිත්‍යාවට හසු වෙනවා… ඔවුන් මනෝ විද්‍යාව ලෙස කුමක් හදාලද කියා මට හිතා ගන්න බෑ හප්පා….

  6. Dinesh Ranasinghe says:

    How many patients die in hospitals at western lousy treatments in thousands. Why is not that news? How much money they charge these innocent patients. Legalized drug dealers aka pharmacies make patients life long addicts. Is that ok.

    The free spiritual medicine has worked since Buddha and Jesus. How did patachara cured.

    This is organized propaganda since the healer is a Buddhist and promotes Buddhism.

  7. Gonsun says:

    Me Gonsan never looking,at people modaa
    Wisvashakthi where it is , cannot c my gona
    Professor looking brain buuru why or my nona
    Buuru brain most people ,have no.any Braina

  8. sunimal says:

    බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට මුදල් නැති නිසා වැඩිදෙනෙක් මේ තැන්වලට යනවා රජය වග කිව යුතුය,

  9. UNP GAL IBBA says:

    මේක තනිකර බොරු ප්‍රචාරයක් මේ වගේ මඩ ප්‍රචාර යවන්න එපා මේ මනුස්සයා බුද්ධාගමේ නිසාද මෙතරම් ගරහන්නේ????

  10. RW says:

    වාහල්කඩ පැත්තෙ පන්සලකත් පිලිකා සනීප කරනව කියලා ලෙඩ්ඩු තියං ඉදලා අන්තිමට කැබිතිගොල්ලෑව සහ පදවිය ඉස්පිරිතාලෙට අරං එනවලු. අසරණ අහිංසක මිනිස්සු රැවටෙනව.

    • Geewaka says:

      Ow. Eeeta passe e ispirithalawalin beheth aran e okkoma leddu sampoornayen nittawatama saneepawela gedara yanawalu.

  11. Hela Yaka says:

    හොරොව්පතානේ පැවති දීගොඩ කුමාර මහතා විසින් පවත්වන ලද දෙව් සුව සේවා මෙහෙයට මමද සහභාගී වුණා. මෙම ස්ථානයේ සුව මෙහෙය ආරම්භ කෙරුණේ හත්වෙනිදා සවස 3ට පමණ. මෙම රෝගීන් අසනීප වී රෝහල් ගත කර තිබුණේ මෙයට බොහෝ වේලාකට පෙර ඔවුන් මෙම මෙහෙයට සහභාගී වීමට පැමිණෙමින් සිටි අවස්ථාවේදීයී. මෙම සුව මෙහෙයට අසාධ්‍ය රෝගීන් රැගෙන නොඑන ලෙස දීගොඩ කුමාර මහතා බොහෝ වතාවක් youtube නාලිකාව තුළින් දැනුවත් කර තිබුණේ මෙම අවස්ථාවන්ට බොහෝ රෝගීන් සහභාගී වන නිසාත් පහසුකම් ලබා දීමට ඇති අපහසුතාවනුත් නිසාත් ය. සුව මෙහෙය බෞද්ධ මෛත්‍රී භාවනාව පදනම් කර ගනිමින් පවත්වනු ලැබෙන අතර එතුමන්ගේ සුව සේවා වැඩසටහන්වලදී බොහෝ දෙනා සුවපත් වනු මා දැක තිබෙනවා. මාගේ පාදයේ දියවැඩියාව හේතුවෙන් ඇති ව තිබූ දැඩි වේදනාවද (Diabetic neuropathy) මෙතුමන්ගේ ආශීර්වාදයෙන් අතුරුදහන්ව ගියා. මෙය සිදු කෙරෙනුයේ අදට පවතින විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි ක්‍රමවේදයකින් වුවද සුවපත් වීම ප්‍රත්‍යක්ෂව සිදුවන නිසා මෙය විද්‍යාත්මක නොවේයැයි බැහැර කිරීමෙන් සිදු වන්නේ ඇවැඩක්. ප්‍රදේශීය මාධ්‍යවේදියකු විසින් ලබා දෙන ලද අසත්‍ය තොරතුරු පදනම්ව මෙම සුව මෙහෙයට පහර ගැසීමෙන් අසරණ රෝගීන් බොහෝ ගණනක් වෙත ලබා ගත හැකිව තිබූ සුවය එදින ලබා දීමට නොහැකි වූ අතර සුව මෙහෙය අතර මග නවතා දැමුණා. ලෝකයේ අධ්‍යාත්මක සුව කිරීම් බොහෝ සිදුවන අතර ඒවා මිත්‍යා දෘෂ්ටීන් ලෙසත් බොරු ලෙසත් හෙලා දැක්වීම වෙනුවට ඒ සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යයනය කර ලෝකයේ සුව සෙත සඳහා එය භාවිතා කළ හැකිද යන්න සොයා බැලීමයි කළ යුත්තේ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හෝ වෙනත් වෛද්‍ය විද්‍යාවකින් පිළිතුරු නොමැති බොහෝ අබාධ පවතිනවා. ඒවාට විද්‍යාත්මක ක්‍රමවේද නැහැ. අඩුම තරමින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බොහෝ රෝග පාලනය මිස පුර්ණ සුවයක් නැහැ. බොහෝ අතුරු ආබාධ සහිතව මිනිසුන් ජීවත් වෙනවා. ඉතින් යම් ක්‍රමයකින් මිනිසුන්ට සුවයෙන් තම එදිනෙදා කටයුතු කර ගැනීමට හැකියා පවතිනවා නම් එය විද්‍යාත්මකද නැද්ද යැයි සොයමින් කාලය ගත කරනවාට වඩා එයින් යම් සහනයක් ලබා ගැනීමයි කළ යුත්තේ.

    • Mnj says:

      බුදු රජාණන් වහන්සේ කිසි දිනක මානසික ශක්තිය යොදවා රෝගීන් සුවපත් කර නැත. එමෙන්ම ශාරීරික රෝග තව කෙනෙකුගේ මානසික ශක්තියෙන් සුව වන බවට කිසිදා පවසා නැත. මේවා බුදු රජණන් වහන්සේ ප්‍රතික්ශේප කල ඇදහිලි, මිත්යා මත සහ දේව වාදයට අයත්. ඉතා උසස් සහ උතුම් දර්ශනයක් වන බුදු දහම විකෘති කරමින් ගෙන යන මෙවන් අස්ත්ය දෙයට ඉඩ දිය යුතු නැත. නමුත් මෙවන් පටු සහ මිත්යා දෘශ්ටික විශ්වාස බුදුන් වැඩ සිටි සමයේත් පැවතුණා.එය ප්‍රචාරය කරන්නන් සහ පසු පස යන්නන් කිසිදා නැවැත්විය නොහැකිය්.
      සසර ගමන කෙටිකරන හේතු ඵල දහම මිස ශාරීරික රෝග සුවකිරීමක් බුද්ධ දේශනාවේ නැත. එමෙන්ම ඔබ මෛත්‍රී භාවනාවෙන් ලෙඩ සුව කරන බව පවසන්නේ නම් එය මුසාවක්. කරණීය මෙත්ත සූත්‍රය අධ්‍යනය කරන්න . ඔබට එය වැටහේවි.

    • නයා says:

      ඩයබිටික් නියුරෝපති වැනි තත්වයක නිසා හටගන්නා වේදනාවන් මෝහන ප්‍රථිකාර මගිනුත් සුව කල හැකියි.
      එහිදී කෙරෙනුයේ මානසික ඇනවුම් මගින් වේදනාව සමනය කිරීම මිස සුව කිරීමක් නොවෙයි.
      එහෙත් එයින් රෝගියාට ලැබෙන සුවයේ අඩුවක් නැහැ.

      මේ කියන සුව කිරීම් මෙහෙයෙන්ද කර ඇත්තේ විද්‍යාත්මක නොවනා ආකාරයෙන් සිදුකරන ලද මෝහන ක්‍රියාවලියක් බවයි මට සිතෙන්නේ.

      නිවැරදි මෝහන චිකිත්සාවකින් ඔබට වඩා නිවැරදිව හා දිගුකල් පවතින සුවයක් ලද හැකියි.
      මෙවැනි විද්‍යාත්මක හා සංවිදිත නොවන ක්‍රමවේදයන් මගින් රෝග සුව කිරීමට යොමු වීම භයානක ප්‍රථිපල ලබා දීමට ඉඩ ඇත.

  12. Sun says:

    My dear friends, I listen to his programs some days ago. I did not see any thing beyond budhist principles. What he said was to follow the panchasila. Probably the people who came from far did not have sufficient facilities for eating and water. I notice some government doctors were taking part in the program also. So please do not underestimate the value due to such things without knowing the program well.

    • Mnj says:

      Five Precepts /Pancha Seela is not Budhdha’s preaching, it existed in the world much before that. Lord Budhdha revealed the ultimate truth of nibbana. Pls do not mix up Pansil and Budhdhist Philosophy together. It is good if one can follow Pansil, but by doing that no disease can be cured.

  13. HENA says:

    දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මුලාකරන අය තමන් මානසික රෝගීන් බව දන්නේ නැත.

    munta wiruddawa..mewa ge proda weda nawathanna…neethi hadapiyaw…

    rate maha ewun.. neethi sampadakayo…nidi….

    mehema weda karanna puluwannam… mekata saukya amathi deepiyaw…

  14. මාද මෙතුමන්ගේ දේසනවලට ” දෙව් සුව සේවා” වෙබ් ඔස්සේ සහබාගි වී ඇත.
    මෙතුමන්ගේ බෞද්ද දහම පිලිබඳ අවබෝධය නම් අවිවාදිතය. මාද අරන්යවාසී ප්‍රසිද්දිය නොතකන යතිවරයාණන් ගෙන් බුදු දහමෙහි හරය වටහා ගත්තෙකු බැවිනි.
    මෙය රටවල් ගණනාවකද බැතිමතුන් සහබාගි කොටගෙන වැඩදායීව සිදුකරන්නා වූ මයිත්‍රීය පදනම් කොටගත් සත් ක්‍රියාවක් බව මගේ හැගීමයි.
    මුල්‍ය හෝ වෙනත් ලාභ පතන බවක්ද නොපෙනේ.
    සහබගිවන්නන් අවබෝදයෙන් කරන්නේනම් ,බොහෝ පිරිසක් එක්ව කරන මෙම මයිත්‍රී සහගත සෙත් පැතීමෙන් දෙලොවටම අවැඩක් සිදු නොවේ.

Main News