විශාලතම මත්කුඩු ජාවාරම්කරු පොලිස් ලොක්කෙක් විසින් මුදාහැරලා..

January 1, 2020 at 12:00 pm | lanka C news
විශාලතම මත්කුඩු ජාවාරම්කරු පොලිස් ලොක්කෙක් විසින් මුදාහැරලා..

මෙරට විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැටලීමේ මෙහෙයුමේදී ඉහළම පොලිස් ප‍්‍රධානියකු විසින් එම කොකේන් තොගය මෙරටට ආනයනය කළ මහා පරිමාණ ජාවාරම්කරු බවට පොලිසිය හෙළිකරගත් මොහොමඞ් සජඞ් සම්සුදීන් නමැත්තා ඉහළ පොලිස් ප‍්‍රධානියකු විසින් චෝදනාවලින් නිදහස් කර මුදාහැරීමේ සිද්ධිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කර තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට මේ බව දැනුම් දී ඇත. ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය අනුව ඊයේ දහවල් වන විට අදාළ වාර්තාව සැකසෙමින් තිබුණද චූදිත ගලවා ගැනීම සඳහා ඇල්මැරුණු වාර්තාවක් ආරක්‍ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමේ සැලසුමක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ කි‍්‍රයාත්මක වෙමින් තිබූ බව පොලිස් මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මොහොමඞ් සම්සුදීන් නමැති පොලිසිය හඳුනාගත් කොකේන් ජාවාරම්කරු තමාගේ සමීප ඥාතියකු වීම නිසා පොලිස් ප‍්‍රධානියා අදාළ විමර්ශනයෙන් ඔහු මුදාහැරිය බවද පොලිස් නිලධාරීහු පවසති. එල්ලවී තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා මෙම ඉහළම පොලිස් ප‍්‍රධානියා මොහොමඞ් සජඞ් සම්සුදීන් නමැත්තා පොලිස් ඔත්තුකරුවකු ලෙස පරිවර්තනය කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

එම තත්ත්වය තුළ වාර්තාවක් ඉල්ලීමෙන් නොනැවතී වාර්තාව සමග අදාළ කොකේන් වැටලීමේ සම්පූර්ණ විමර්ශන ලිපිගොනුව ගෙන්වා ගැනීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළහොත් සියලූ තොරතුරු හෙළිවනු ඇතැයිද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

– divaina

34,298 Viewers

5 Comments to “විශාලතම මත්කුඩු ජාවාරම්කරු පොලිස් ලොක්කෙක් විසින් මුදාහැරලා..”

  1. නයා says:

    ආරක්ශක ලේකම් තුමා වැනි සූක්ෂම බුද්ධිමතෙකුට මේවා කරන අයුරු කියා දීමට අව්ශ්‍යතාවයක් නොවේවී.
    එතුමා සාර්ථක ලෙස මෙය කරාවියැයි විශ්වාසය තැබිය හැකිය

    • පොළගා says:

      බොරු චෝදනා කරන්න එපා.දුප්පත් මිනිසුන් විසින් පමණයි හොරකම්, බලුකම්, ජඩකම්, නොහොබිනා කම් කරන්නේ.පාරලීමේන්තුවෙ ඉන්න අය එසේ නොකරන මහත්මා ගති ඇති අය වේ.
      අනම් මනම් වැඩිය විශ්වාස කරන්න එපා නයො.හැම දෙනාම පාහේ කරන්නේ බොරු, ජනතාව රවටන එක

      • Scorpion King says:

        නයා is absolutely correct! If the current defence secretary could contribute immensely to the eradication of all- mighty tamil tiger terrorism, why can’t he save the country from the drug menace?

        Don’t be panic and be patient!

  2. Sun says:

    Drug business is going to be a big mental agony for the country as lot of big people are behind the drama. We need additional spying team of police to trace all these officers making money through the business. Need to introduce tough laws tracing the supply sources under the guidance of experts in the field.

  3. Tikiri says:

    2019.12.29 දින ඉරිදා දිවයින පිටු අංක 10 බැලුවා නම් ඔක්කොම විස්තර ගන්න පුළුවන්.