විශාල දෛනික මරණ ප‍්‍රමාණයක් වෙනවා.. සත්‍ය අනාවරණය වන්නේ නෑ.. කොරෝනා මරණ දත්ත සැක සහිතයි..

May 2, 2021 at 3:00 pm | lanka C news
විශාල දෛනික මරණ ප‍්‍රමාණයක් වෙනවා.. සත්‍ය අනාවරණය වන්නේ නෑ.. කොරෝනා මරණ දත්ත සැක සහිතයි..

මෙරට සිදුවන කොරෝනා මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නේ නියම තොරතුරු නොවිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම දත්ත සම්බන්ධයෙන් සැක සහිත බවක් මහජනතාව පළ කරන බවයි.

පැහැදිලිවම බිම් මට්ටමේ සිදුවන යම් යම් මරණ පද්ධතිය ඇති දුර්වලතාවයන් නිසා වාර්තා නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

එනිසා කොරෝනා හේතුවෙන් මේ යන සියලුම මරණ නිසි ලෙස මහජනතාවට වාර්තා කරන්නේ නම් ඉතා සුදුසු බව ද ඔහු කියා සිටියේය.

42,819 views

32 Comments to “විශාල දෛනික මරණ ප‍්‍රමාණයක් වෙනවා.. සත්‍ය අනාවරණය වන්නේ නෑ.. කොරෝනා මරණ දත්ත සැක සහිතයි..”

  1. Dev says:

    මේ බූරු ජේවිපී union කාරයා බොරු කිව්වා ඇති නේද දැන්? හැම මරනෙම සැක සහිතනම් PCR ටෙස්ට් කරනවා. PCR positive උනොත් මිනිය ගෙදර ගෙනියන්න දෙන්නෙත් නෑ. එතකොට කොහොමද වාර්ථා බොරු වෙන්නේ.

    • Alponso says:

      කොරෝනාවෙන් ගොඩ යන එක් පිරිසක් තමා PHI ල. මුන් කරන්නේ රෝගියෙක් නිවසකින් හමු උනාම නිවසේ සෙසු අයත් නිරෝධායන මද්‍යස්තානයක ගෙන යායුතුයි කියා ඉතා දුර බැහැර ස්තානයක නමක් කියා සූදානම් වන්න කියනවා. යමක් කමක් ඇති නිවෙස් හිමියා කරන්නේ ගානක් අත මිට මලෝන එක .

    • රාජන් says:

      මූට රට වහලා බංකොලොත් වෙනකං නින්ද යන්නෙ නෑ. හොඳ වෙලාවට රටේ අනෙක් PHI මහත්වරු මූ කියන ඒවා අහන්නෙ නෑ.

    • මේ දොස්තර මහත්තයා මම හොදට අදුරනවා. අපේ ගෙවල් කිට්ටුව ලී මෝලක් දාන්ට ගිය මුදලාලි කෙනෙකුගෙන් ලොකු අල්ලසක් අරගෙන ඒක ජනතාවගේ විරෝධ මැද ඔවුන් ජීවත්වෙන ගෙවල් අස්සේ අටවගන්ට ලයිසන් එකක් දුන්නේ මේ දොස්තර මහත්තයා තමයි. මේ දවස්වල සල්ලි ටිකක් අතට හම්බුවෙනවා මදි ඇති . ඒක තමයි මේ අමාරුව. දැන් කව්රුහරි මුට කීයක් හරි විසිකරලා මුගෙන් වැඩ ගනියි.

  2. Dimple kupadiya says:

    ලෝකේ වෙන මොන රටේද PHI සමිති කාරයෙක් Covid ගැන විශේෂඥ තත්වෙට පත් උනේ? අපට ආඩම්බරයි. නැද්ද ?

  3. Justin says:

    Usless Mr. Rohana. This is a pajathi government. Dr Johnston Fernando FRCP( Ethanol) says everything under control.🤮🤮🤮🤮🤮🤮

  4. Piyadasa Yalagala says:

    Well we understand that you facts of death has been revealed that death toll has come to public citizens of Sri Lanka. No doubt about that. Look at republic of India daily death toll has not yet accurate. That is fact has to be address by ruling who are in-charge classes of governances, that their accountability . Failure to do so what is that duty Public Health Inspectors In -services. ..?

  5. Lawlord says:

    Call this person to law enforcement offices and get statements and investigate what he says. If it is false arrest him and punish maximum under the relevant laws

  6. sajith says:

    ochchara dukanam hospital ekak hadahanko sajitha ekka ekathuwela

  7. Leslie says:

    Corona nisa weerayo wechcha aya.. kiyana katha

  8. උපාසක says:

    ඔබ තුමාලගේ නිළධාරීන් හැම ප්‍රදේශයකම ඉන්නවනේ මහත්තයෝ. රටේ සිදුවෙන හැම මරණයක්ම එයාලට වාර්තා වෙනවනේ. ඉතින් බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවානම් ඔබ තුමාලට පුළුවන්නේ නියම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා ජනතාව දැනුවත් කරන්න.

  9. S R Bulathsinghala says:

    සිඟාලයෙක් සිංහයෙක් වෙන්න හදනවා. පුලුවන් නම් ඇත්ත දත්ත දෙන්න. දන්නේ නැත්නම් කටයි පු-යි වසාගෙන සිටිනවානම් බොහොම හොඳයි!

    මොහු වෘත්තීය සමිතියක ප්‍රධානියෙක් පමණයි!

  10. Nammbee says:

    මේ මිනිහාගේ මුණ පුරා තියෙන්නෙ දුෂ්ඨත්වය, ලෙඩේ වැඩි වෙනවාට හරි කැමැතියි වගේ

Main News