විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..

November 17, 2021 at 10:22 pm | lanka C news
විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..

අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමහර පිරිස් වලට ඉතාම ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනසක් කිරීමට උවමනා වී ඇතැයිද ඔහු පැවසීය.

නුදුරේදීම පුළුල් එක්සත් පෙරමුණක් බිහි කරමින් වත්මන් ආණ්ඩුව පෙරළා කව ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා කීය.

නුදුරු දිනක උදෑසන අවදි වෙද්දි ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහි වී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

161,602 views

34 Comments to “විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..”

  1. Vis8 says:

    This guy is a mental case 🙂

  2. Pina says:

    No more JATHIKA NATIONAL GOVERNMENTS WITH FULL OF MINISTERS.

    OK FOR NATIONAL GOVERNMENT WITH LESS THAN 30 MINISTERS.

  3. Sumith says:

    ලංකාවෙ තියන තුප්පහි , පඩත්තල දේශපාලනයට අනුව එහෙම නොවේයැයි කියන්නත් බෑ..

Main News