විශාල පිරිසක් එක්ක විවාහ උත්සවයක්…

August 20, 2021 at 12:40 pm | lanka C news
විශාල පිරිසක් එක්ක විවාහ උත්සවයක්…

සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් (20) දින බගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වු විවාහ මංගල උත්සවයක් නතර කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (20) දින කටයුතු කලහ.

බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරිම සදහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අනුමැතිය ලබාගෙන එයට පටහැනිව කටයුතු කරමින් 100 ආසන්න පිරිසක් සහභාගි කරගෙන විවාහ මංගල උත්සවය පවත්වමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම උත්සව ශාලාව වෙත ගොස් විවාහ මංගල උත්සවයට සහභාගි වි සිටි පිරිස විසුරුවා හැරිමට කටයුතු කරනු ලැබුහ.

මනමාලයා සහ මනමාලියගේ පාර්ශවයේ ළගම ඥාතින් සිමිත පිරිසක් විවාහය ලියාපදිංචි කිරිමට පමණක් අවසර ලබාදිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.

බගවන්තලාව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විවාහ මංගල උත්සවය නතර කරනු ලැබුවේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

144,071 views

6 Comments to “විශාල පිරිසක් එක්ක විවාහ උත්සවයක්…”

  1. Roshan says:

    කාලකන්නි පාරහයෝ ඊට පස්සේ කොරෝනා හදාගෙන ෆේස්බුක් ඒකෙ වීඩියෝ දානවා හුස්ම ගන්න බැහැ මැරෙන්න යන්නේ ආයේ ෆේස්බුක් ලයිව් එන්න බැරිවෙයි කියලා 😂😂😂😂😂 රටේ නීතිය අනුව ජීවත් වෙන්න බැරි කලාකන්නි කොරෝනා හදිලම මැරිලා පලයව් 🙏🙏🙏

    • MM says:

      ඉලගට ගොබිබ ජෙපි වහලුයි බුරැ සජියගේ පැටවි ටිකයි මරහඩ දෙනවා රට වහපියවි කියලා

      • Saradiel says:

        රටේ ජනතාව කොරෝනා වලින් මියයද්දී මේ කාලකන්ණි මගුල් උත්සව පවත්වනවා ….රට ජාතිය ගැන ආදරයක් නැති වසලයෝ

  2. ඇතඇත්තටම මේ වගේ අය අල්ලන්නත් එපා , වලක්වන්නත් එපා . හොයන්න බලන්නත් එපා . මුන් මැරිලා ගියාම සමාජය සුද්ධ වෙනවා .

  3. MD says:

    රටට ජාතියට කිසිම ආදරයක් කරුණාවක් නොමැති විපක්ෂයක් හා මෙවැනි විජාතිකයන් නිසා(සුද්දන් බලෙන් ඉන්දියාවෙන් ගෙනාවට තවම ඵ් ගතිය තියෙනවා.ඵ්ක වෙනම කරුමයක්)අපේ රටට ගොඩ ඵන්න හරි අමාරුයි.නමුත් ගෝඨාභය නිසා අපි භය නැතුව ඉන්නෙමු.ඔහු ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නේ.මොනවා වුනත් අගමැති තුමාගේ මල්ලිනේ

  4. sunimal says:

    අද රටේ ඇත්තේ නැව ගිලුනත් බෑන් චූන්.

Main News