විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ.. සමන් දෙවි පිහිටෙන් කිසිවෙකුට ආපදාවක් නෑ..- ශ්‍රී පාදස්ථානාධිපති හිමි
January 30, 2022 at 12:40 pm | lanka C news
කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
මාධ්‍යට (30) දින විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ කියා සිටියේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමේදි සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි.
දිවයිනේ අනෙකුත් ආගමික ස්ථානවලට බැතිමතුන් පැමිණෙනවා සේම ශ්‍රි පාදස්ථානයද කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එම වන්දනාකරුවන්ට සහ සංචාරකයන්ට සමන් දේව පිහිටෙන් කිසිදු ආපදාවක් ඇති නොවු බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
සිල් පද පහම කඩන,
වැස්සකටවත් පන්සලකට යන්නේ නැති උන් ,
බයිට් පැකට් එකයි, කසිප්පු බෝතලෙයි කිහිල්ලේ ගහගෙන , පෝfන් එකෙන් බයිල සිංදු අහමින් සමන් ඇමතිගේ _ _ ලෙවකන්ඩ ගිහිං …..
අනේ සාධු !!!