විශාල රිලා රැලක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨටාශයක බලය අල්ලති..
October 2, 2017 at 7:24 am | lanka C news
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිනෙන් දින වැඩිවන රිලා ගහනය හේතුවෙන් බරපතල ගැටළු රැුසක් නිර්මාණය වී ඇතැයි ප්‍රදේශ වාසිහු කියති.
මේ වන විට නාඋල නගරයේ පමණක් පෙර පැවති රිලා ගහනයට වඩා කිහිප ගුණයකින් රිලවුන්ගේ වර්ධනයක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.
පාසල් දරුවන් දහසකට වැඩි පිරිසක් දෛනික අධයාපන ලබන ශ්‍රී නාග ජාතික පාසලට ද රිලවුන්ගෙන් නිරන්තර කරදර සිදුවන බව එහි දෙමව්පියෝ සදහන් කරති.
පාසලේ එලිමහනේ පවතින පොදු ජල කරාම වලින් රිලවුන් ජලය බීම, පොදු ගොඩනැගිලි වලට හානි සිදුකිරීම සහ පලදරන ගස් වලට හානි සිදුකිරීම වැනි ක්‍රියාවන් හේත්වෙන් මේ වන විට ගැටළු රැසක් මතුව තිබේ.
මීට අමතරව ගොවි සංවිධාන රැසක් කියා සිටියේ ප්‍රදේශයේ පොල්,අඹ,පේර ආදී වගාවන් වලට රිලවුන්ගෙන් දැඩි හානි පැමිණ ඇති බවයි.
ඉදිරියේ දී මෙම තත්ත්වය පාලනය නොකලොත් ප්‍රදේශයේ විවිධ රෝග මෙන්ම අනතුරු දායි තත්ත්වයක් ඇති වීම වැලැක්විය නොහැකි බව ට ද ගොවි සංවිධාන අනතුරු අගවයි.
නිදැල්ලේ හැසිරෙන රිලවුන්ගේ බෝවීම වැලැක් වී ම සදහා රජය මැදිහත්වී කිසියම් වැඩපිළිවලක් යෙදීම කාලින අවශ්‍යතාවක් බව ද ඔවුහු පෙන්වා දෙති.
– ඉන්දික අරුණ කුමාර
මේ රිළවුන් ගෙන් රටට මහා ලොකු වනාශයක් මම දකින්නේ නැහැ නමුත් මේ රටේ පාලන බලයේ ඉන්න රිළවුුගෙන් නම් මහා විනාශයක් වෙන වග නම් පැහැදිලියි මේ රිළා රංචුව පන්නා දමන අයෙක් ඉන්නවානම් අපේ සහය.
ඕක මොකද්ද, 225ක නරි රැලක් මුලු රටේම බලය අල්ලලා තියෙන්නේ.
ඔය ගැන පොඩ්ඩක් අර පච රණවකගේ පක්ෂේ කරුණාරත්න පරණවිතානට කියල බලන්න. කරන්න ඕන දේ කියාවි.
බැලුවොත් ඔය අස්සේ “රිළාසිරියත්” ඇතිනේද
අර 225 මදි නිසා මේ රිලා රංචුවත් දියවන්නවටම ගිහින් දාමු.