‘විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා’ සම්මානයෙන් කතානායක පිදේ..
November 3, 2019 at 2:05 am | lanka C news
‘ප්රජාතන්ත්රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු
රාජ්‍යතාන්ත්‍රිකයා’ ලෙස කතානායක කරු ජයසූරිය මහතා නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් මෙම නම් කිරීම සිදු කර තිබේ.
ඊට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී දිනප්රධානය කරන ලදී.
කතානායක මාධ්‍ය අංශය