විශේෂ බලකා සෙබලෙක් රාත‍්‍රියේ පෙම්වතිය බලන්න ගොස් පොලු පහරකින් මිය යයි..

July 4, 2019 at 1:20 pm | lanka C news
විශේෂ බලකා සෙබලෙක් රාත‍්‍රියේ පෙම්වතිය බලන්න ගොස් පොලු පහරකින් මිය යයි..

මාවනැල්ල දුණුගමුව 23 හැවිරිදි විශේෂ කාර්ය බලකා සෙබලෙක් සිය ගමෙහි පෙම්වතිය බැලිමට ගිය අවස්ථාවේ 02 වැනි දින රාත‍්‍රී පුද්ගල පොලූපහරකින් බරපතල තුවාල ලබා මාවනැල්ලේ සිට මහනුවර මහ රෝහලට වැඩි දුර ප‍්‍රතිකාර ලබා දිමට ඇතුලත් කර පසුව එහිදි සෙබළා මිය යෑමේ ශෝචනිය කතා පුවතක් මාවනැල්ලෙන් අසන්නට ලැබුණි.

මෙසේ මිය ගොස් ඇත්තේ ශ‍්‍රී ලංකා යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ පුහුණුව අවසන් කර 03 වැනි දින සේවයට නැවත වාර්තා කිරිමට සිටි හමුදා නිලධාරියෙකි. ඔහු නමින් දුණුගමුව, මාලියද්ද පදිංචිව සිටි හොරතල් පේඩිගේ රෝෂාන් සොමතිස්ස යන අයයි.

මිය ගිය අය යුධ හමුදාවට බැදි පොළොන්නරුව මාදුරුඹය ආධුනික සෙබළුන් පුහුණුව ලබන කඳවුරේ දි වසරකට වැඩි කාලයක් පුහුණුව ලබා ඉකුත්දා සිය නිවස පිහිටා ඇති මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ මාලියද්ද නිවසට පැමිණ ඇත.

සෙබළා මිය ගොස් ඇත්තේ කාලයක සිට සිය ග‍්‍රාමයේම පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇති කර ගෙන සිටි සිය පෙම්වතිය බැලිමට යමින් සිටියදිය. සිය යාළුවන් සමග 02 වැනිදා එම ප‍්‍රදේශයේ පිහිටා ඇති ඇල මාර්ගයක් ගලා බසින ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම මත්පැන් සාදය අවසන් කර සිය ත‍්‍රීරෝද රථයෙන් පෙම්වතිය බැලිමට ගොස් ඇත්තේ රාත‍්‍රී කාලයේදිය.

එම මාර්ගයේම පිහිටි කුඹුරක් අසල ත‍්‍රීරෝද රථය නවතා පෙම්වතිය බැලිමට යමින් සිටියදි කිසියම් පුද්ගලයෙකු විසින් පොල්ලකින් සෙබළාගේ හිස ප‍්‍රදේශයට පහර දි ඇති අතර බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මහනුවර මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබුණි.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය මහනුවර මහ රෝහලේදි පැවැත්විමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය හා කෑගල්ල අපරාධ පරික්ෂණ නිලධාරින් විසින් තව දුරටත් පරික්ෂණ සිදු කරයි. අප මෙම පුවත පල කරන තෙක් සිද්ධිය සම්බන්දයෙන් කිසිවෙකුත් අත්අංඩගුවට ගෙන නොමැති බවද මාවනැල්ල පොලිසිය පවසයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

39,140 Viewers

5 Comments to “විශේෂ බලකා සෙබලෙක් රාත‍්‍රියේ පෙම්වතිය බලන්න ගොස් පොලු පහරකින් මිය යයි..”

  1. CATEROIL says:

    සුරාමේරය කියන්න ngo නඩය නැද්ද?

    • Chandi says:

      Den taggala Thambiyanta viruddava comment kotapalla….. Api vagey kalakanni Jathiyak….

    • සුනිල් says:

      මාවනැල්ල ප්‍රදේශයේ නම් ඉති අහන්න දෙයක් නෑ අනිවාර්යෙන්ම අන්තවදියෙකුගේ වැඩක් වෙන්න ඇති .
      සමහරවිට මෙයා රාත්ර්යේ ගිය හරියේ අන්තවාදීන්ගේ තිප්පලක් තිබුනා වෙන්න පුළුවන්

  2. cacher says:

    ayyo muta dunna phununwa

  3. analyst says:

    Nivan sapa labewa

Main News