විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..

December 10, 2020 at 10:30 pm | lanka C news
විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

එම ඖෂධය සකස් කිරීමට අවශ්‍ය මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කීපයක් එම විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කර දී තිබේ.

විශේෂඥ කණ්ඩායම ඖෂධ නිෂ්පාදනයට දායක වී ඇති අතර ඔවුන්ගේ අධීක්ෂණය මත අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කර තිබේ.

එම ඖෂධ තොගය බෝතල් වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී තිබේ.

ඒ අනුව එම ඖෂධවලින් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන තීරණාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

105,468 views

27 Comments to “විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..”

  1. බටහිරයා says:

    සුද්දගෙන් සහතික ගත් විශේෂඥ කමිටුවෙ මූණෙ තියෙන්නෙ මවාගත් හිනාවක්…මේ අයද රටේ දේශීය වෙදකම ආරක්ෂා කරන්නෙ. බටහිර වෙදරාලල කියන දේ පිළිගන්න මේ විශේෂඥ යන්ගෙ ළමයි යවන්න ආසා බටහිර වෙද්දු ගාවට…

    • කිරි අත්ත උන්දැ says:

      ඔබ යන්ට කැමති රංජන් වෙතට නොවේද?

    • Gayathri says:

      ගොං අලියෝ… බෙහෙත හොඳ නම් උඹල ඔච්චර බය ඇයි?

    • බූරු පුතාණෝ සජියා says:

      සුද්දො ආයුර්වේද වෛද්‍ය සහතික දෙන්නෙ නෑ බහිරවයො. ලංකාවේ ආයුර්වේද විශ්වවිද්‍යාල වලින් හරි ඉන්දියාවේ ආයුර්වේදය විශ්වවිද්‍යාල වලින් හරි තමයි එයාල සහතික ලබාගෙන තියෙන්නෙ. සුද්දො සහතික දෙන්නෙ බටහිර වෛද්‍යවරුන්ට විතරයි.

    • ක්‍රිමිනල් says:

      අපේ කේරල බෙහෙතත් පරික්ෂා කරන මෙන් ඉල්ලා සිටිනවා.

  2. Kalana says:

    So it is working… Hurray…

  3. sena says:

    කො මේ විශේෂඥ කණ්ඩායමේ මුහුනු අවරන

  4. සිරිල ක දේ says:

    දනපාල බාස් ලොක්කො ටික කඩේ යවන හැටි!

  5. PULATHISI says:

    1.සෞඛ්යු ඇමතිනි පවිත්රාව වන්නි ආරච්චි මහත්මිය ධම්මික පැණිය ප්රයසිද්ධියේ පානය කළා. දේශීය වෛද්ය් කටයුතු පිළිබඳ රාජ්යෝ අමාත්ය් සිසිර ජය්කොඩි මහතා මෙම ඖෂධය ප්රීවර්ධනය කිරීමට අපමණ වෙහෙසක් දැරුවා.
    2. සිසිර ජයකොඩි මහතා ධම්මික බණ්ඩාර වෙද මහතාද එක්ව වතුපිටිවල කොරෝනා මර්දන මධ්යසස්ථානයේදී බටහිර වෛද්යරවරුන් ද සමග එක්ව 140 පමණ කොරෝනා රෝගීන් සඳහා සායන දෙකක් පවත්වා මෙම පැණියේ සාර්ථකත්වය ඔප්පු කළා. දේශීය වද්යන සංගමය සහ රජයේ වෛද්ය සංගයේ අනුමැතිය ලැබී තියෙනවා.
    3. පසුගියදා ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට පැමිණි දස දහසක් පමණ ජනතාවගෙන් පන් දහසකට බෙහෙත ලබාදුන් බව වෙදමහතා පවසයි.
    4.මෙම වෛද්යකවරුන් කොරෝනා දුරුකොට ජනතාව එයින් මුදවා ගැනීමේ අවංක චේතනාවෙන් මෙම ක්රිටයා පිළිවෙත අනුගමනය කරන්නේ නම් එය ජනතාවගේ භාග්යංයකි. එසේම වේවායි සුභපතමු. ජනතාව නීරෝගී වේවා. එසේම රටට සෞභාග්ය‍ උදාවේවා.

  6. Power says:

    මේ මනුස්සයා මේ හෙළ ඹෟෂධයට ඉක්මනින්ම පේටන්ට් බලපත්‍රය ගත්තොත් හොඳයි. ❤️ රජය බළධාරීන් ඒ සඳහා ඉක්මන් විය යුතුයි. ඒ වගේම කෝචොක් එකට වගේ හිනාවේවි බලා ඉන්න මේ උන්දලා ටික ඉන්න තැන එක ඹෟෂධයක් හරි මේ මනුස්සයා සඟවා දැම්මා නම්, ලොකු දෙයක්..😂 නැත්තං ඔතන ඉන්න හාදයෝ ටික දෙනාගෙන් එක් කෙනක් හරි ඹෟෂධ වට්ටෝරුව හොඳ ගාණකට පිට රටකට විකුණුවම උන් පෙත්තක් හරි, පැණියක් හරි හදලා අපේ රටටම ආය සල්ලි වලටම විකුණයි. අපේ රටටයි, මේ මනුස්සයටයි ඊට පස්සෙ ඉතින් හුළං තමයි..😒

  7. ක්‍රිමිනල් says:

    රාවණ බලය තම මේ දෙරණ තුළ ජීවමාන බවට තවත් සාධක කුමකටද ?

    • ක්‍රිමිනල් says:

      රාවණ බලය තවමත් මේ දෙරණ තුළ ජීවමාන බවට තවත් සාධක කුමකටද ?

  8. B. Anthony says:

    මේ මනුස්සයා මේ එක එකාට පාච්චල් වෙන්නෙ නැතිව ජපානෙ හරි යුරොප හරි රටකට ඔය වට්ටෝරුව වික්කානම් ගොඩනෙ. මේ කුහකයන්ට පාච්චල් වෙන්නෙ නැතිව.

  9. Hudson says:

    Waste of time.

  10. B. Anthony says:

    මේ හදන්නෙ මේ වට්ටොරුව මේ මුකුත් බැරි විශේෂඥ ලගේ අතට ගන්න. ඊට පස්සෙ ඕකට පොඩි ආටෝප සාටෝප ටිකක් එකතු කරල උන්ගෙ කරගන්නවා. කොහොමද ටම් බෙහෙත ලෝකය පුරාම බෙදන කොට ආදායම. ඒක තම මල්ලට දා ගන්න නේ. වෑයම. අනේ වෙද මහත්තයෝ ඕක පිටරටකට වික්කානම් ඔහේ ගොඩ!

Main News