විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වෙති..

July 9, 2022 at 6:07 am | lanka C news
විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වෙති..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් 2022 ජූලි 9 වෙනි දින සාමාන්‍ය පරිදි රජයේ වෛද්‍ය සේවාවන්හි යෙදෙන  අතර  පෞද්ගලික  වෛද්‍ය සේවාවන් සැපයීමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

එසේ වුවද පෞද්ගලික රෝහල්වලට ඇතුලත් වන හදිසි රෝගී තත්ත්වයන් සඳහා මෙන්ම දැනටමත් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය සේවාවන් සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇත.

මෙම තීරණය රටේ දැනට පවතින අර්බුදකාරී තත්වයට වගකිවයුතු පවතින රජය ඉවත් කිරීම සඳහා දැනටමත් රට තුළ පවත්නා සාමකාමී විරෝධතාවලට සහය පලකිරීමට අප සංගමය විසින් මීට පෙර ගෙන තිබු තීරණයට අනුකූලව ගත්තකි.

විශේෂඥ වෛද්‍යවරු ලෙස මෙමඟින්  හදිසි නොවන රෝගී තත්ත්වයන් සදහා පෞද්ගලික රෝහල් වලට පැමිණීමට අපේක්ෂා කරන රෝගීන්ට  සිදු වන අපහසුතා ගැන අප සංගමයේ කණගාටුව ප්‍රකාශ කරමු. අප සංගමය  හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින්  විසින් දැඩි අපහසුතා මධ්‍යයේ වුවද රජයේ රෝහල්වලදී හැකි උපරිම සේවය කිරීමට ඇප කැප වන අතර අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට 09 දිනයේ රජයේ රෝහල් කරා යොමු වෙන ලෙසය.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

66,741 views

24 Comments to “විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවයෙන් ඉවත් වෙති..”

  1. බයිසන් says:

    මැලා තමයි චැනල් ගාස්තුව වැඩියෙන්ම ගන්නෙ. 9000/- එලයිට් එකේ 12000/- සහ පිටරැටියන් 32000/-. මේ ආයතනයේ ගාස්තුව නැතුව.

  2. sunny says:

    Do not do private practice. Do a proper job at Government hospitals to treat patients properly without running away for private practice

  3. kamalini says:

    මේ දවස්වල චැනලින් වලට එන ලෙඩ්ඩු අඩුයි. මිනිස්සුන්ට සල්ලි නෑ.. පෝලිම් වල.. බෙහෙත් ගන්න එන්නෙ නෑ.. එක්කෙනෙක්ට දෙන්නෙක්ට මුන්ගෙ බෙන්ස්, SUV වලින් තෙල් ගහගෙන ඇඳගෙන චැනලින් එන එක් පාඩුයිනෙ.. වැඩිම රුපියල් 10,000ක් වගේ අරගෙන රු.2000ක් ඉන්ධන රු. 10,000ක වත් වෛද්‍යතුමාගෙ කාලය ගණන් හැදුවම අතින් පාඩුයිනේ. ඉතින් අරගලේ පිටින් දාලා චැනලින් නවත්තනවා.. අපේ නුවණක්කාර හෙලයින් තේරුම් ගත්තෙ කොහොමද මේක?