විශේෂඥ වෛද්‍යවරුන් අමාරුවේ…

February 6, 2019 at 6:48 pm | lanka C news
විශේෂඥ වෛද්‍යවරුන් අමාරුවේ…

අද පැවති විපක්‍ෂයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

සෑම වසරකම විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාරෂික ස්ථාන මාරු සිදු කරන්නේ ජනවාරි 01දාට පෙරයි. එවිට අළුත් ස්ථානයට ගොස් දරුවන්ට පාසල් සොයාගෙන අවශ්‍ය කටයුතු කරන්න වෛද්‍යවරුන්ට කල් තිබෙනවා.

නමුත් මේ වසරේ ස්ථාන මාරු තවම සිදු කර නෑ. ඒ නිසා වෛද්‍යවරුන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටිනවා.

දැන් අළුත් වාරයේ පාසල් පටන් අරන් මාසයකට වැඩියි. පන්ති වල පවතින පුරප්පාඩු වසර මුල පිරෙව්වාම වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසලක් සොයා ගන්න බැරි වෙනවා. මේ අතර මේ වසරේ උසස් පෙල විභාගයට ලියන දරුවන් ද ඉන්නවා.

වෛද්‍යවරුන් මේ විධියට පීඩාවට පත් කරලා, ඒ අය රට අත්හැර ගියාම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට අත්හැර යනවෝ කියා කෑ ගහලා වැඩක් නෑ. අපේ බුද්ධි ගලනයට වගකිවයුත්තේ ආණ්ඩුවයි.

සුවපති රාජිත සේනාරත්න මැතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.

– අරවින්ද අතුකෝරල

15,909 Viewers

5 Comments to “විශේෂඥ වෛද්‍යවරුන් අමාරුවේ…”

  1. Weron says:

    මූට පිස්සු….යන යන දිහා දරුවො අරන් යන්න උන්ට අහෙනියක් කොහද ලන්කාවෙ…

  2. බොරු එපා වෛද්‍ය විශේෂඥ වරුන් ගෙ ලමයි ගමෙි පාසැලටද යන්නෙ ? හැබැයි වැඩක් කරනව නං ක්‍රම වෙිදයක් තිබිය යුතුයි.

  3. Gorilla says:

    Everybody is leaving this country. Doctors engineers accountants architects.

  4. Sam says:

    Because of the October 26th coup by President Sirisena and MP Mahinda Rajapaksha Sri Lanka went back in 10 years. Now the people in the country will have to pay the price. This is one of those. Dollar value went up. Therefore all the imported goods will go up. Budget got delayed. People lost the opportunity to receive the benefits. President Sirisena and Mahinda Rajapaksha should be responsible for this mess.

Main News