විශේෂ අධිකරණය ගෝඨාබයට සිතාසි නිකුත් කරයි.. ඉක්මනින් නඩු අසා තීන්දුව සූදානම්…

August 27, 2018 at 10:40 am | lanka C news
විශේෂ අධිකරණය ගෝඨාබයට සිතාසි නිකුත් කරයි.. ඉක්මනින් නඩු අසා තීන්දුව සූදානම්…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ තවත් විත්තිකරුවන් 6 දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 10 වන දින පෙරවරු 09.00ට මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.

පසුගිය රජය සමයේ දී ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි මෙම පිරිසට චෝදනා එල්ල වී තිබේ.

විශේෂ මහාධිකරණය පිහිටුවන ලද්දේ නඩු ප්‍රමාදය වලක්වීම සඳහා ඉක්මනින් නඩු අසා තීන්දු දීම සඳහාය.

270 views