විශේෂ ප්‍රකාශයක් කියා 2020 දක්වා රනිල් අගමැති කරගෙන යන්න යෝජනාවක්.. UNP කාරයෝත් ශ‍්‍රීලනිප සමුළුවට..

August 27, 2017 at 1:20 pm | lanka C news
විශේෂ ප්‍රකාශයක් කියා 2020 දක්වා රනිල් අගමැති කරගෙන යන්න යෝජනාවක්.. UNP කාරයෝත් ශ‍්‍රීලනිප සමුළුවට..

ශ්‍රිලනිප 66 සංවත්සර ලබන මස මුල මෛත්‍රීපාල ඉරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවත්වීමට තීරණය කොට ඇත. මේ සඳහා ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක විසින් පක්ෂයේ සියලුම සංවිධායකයන් වෙත දන්වා යවා ඇත්තේ අවම වශයෙන් 100 දෙනෙකු හෝ පක්ෂයේ සංවත්සරයට සහභාගි කරවන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ආරාධනා පත්‍ර සංවිධායකයන් වෙතම බාරදීමට කටයුතු කොට ඇත්තේ පක්ෂ මූලස්ථානයේ ලේඛනවල සඳහන් ලියාපදිංචි පක්ෂ ප්‍රාදේශිය නායකයින් සියල්ලම මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ කදවුරු බැඳගෙන සිටිනබ් බැවිනි.

මෙම සංවත්සර දා ශ්‍රිලනිප වර්තමාන නායකත්වය විසින් එක්සත් ජාතික පක්ෂය සමඟ එකට ආණ්ඩු කිරිමට වසර දෙකක් සඳහා 2015 අගෝස්තු 21 දා අත්සන් කල ගිවිසුම 2020 දක්වා දීර්ඝ කොට ඉන්පසු ශ්‍රිලනිප අගමැතිවරයෙකු යටතේ ශ්‍රිලනිප ආණ්ඩුවක් හදන බවට පාක්ෂිකයින් විසින් ඒකමතිකව අනුමත කල වග පෙන්වීමට එජාපයේ පිරිසක් ද සහභාගි කරවීමට මේ වනවිට සමහර සංවිධායකන් විසින් සූදානම්ව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ටී සර්ට් ඇතුළු සියලු පහසුකම් එදිනට සහභාගි වන අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වෙනත් පක්ෂවල සේවකයන් ලබාදීමට කටයුතුට් යොදා ඇතැයිද වාර්තා පල වෙයි.

19 views

3 Comments to “විශේෂ ප්‍රකාශයක් කියා 2020 දක්වා රනිල් අගමැති කරගෙන යන්න යෝජනාවක්.. UNP කාරයෝත් ශ‍්‍රීලනිප සමුළුවට..”

  1. ඇත්ත says:

    සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කළ අයත් ශ්‍රිලනිප 66 සංවත්සරයට සපැමිණේ්‍…සාදරයෙන් පිළිගනීවිද? බලය සදහා ශ්‍රී ල නී පයට මේ මහා පාවාදීමට එකග විය හැකිද? අපි බලා සිටිමු….

  2. SUNIMAL says:

    හිටන් SLFP පක්ෂය විනාසයට පත් කලා නැවත නැගිටීමක් නැහැ හිටන්ගේ පස්සේ යන SLFP කාරයන් ලෝක හොරු මුන්ව බිංදුවට පරාජය කරමු

  3. වෙසමුණි says:

    මුළු යහපාලන නඩයම UNP එකට ගියා නම් ඉවරයි නෙ. නිකං කකුල් දෙක දෙපැත්තේ තියං ඉන්නේ.

Main News