විශේෂ පුහුණුවක් ලැබූ කොමාණ්ඩෝ සෙබලුන් පිරිසක් විසිර යති…

April 19, 2018 at 8:02 am | lanka C news
විශේෂ පුහුණුවක් ලැබූ කොමාණ්ඩෝ සෙබලුන් පිරිසක් විසිර යති…

මන්නාරම වෙඩිතලතිව් කොමාණ්ඩෝ රෙජිමේන්තු විශේෂ සංග්‍රාමික පුහුණු පාසලේදී මාසයක කාලයක් විශේෂ පුහුණුවක් ලැබූ කොමාණ්ඩො සෙබලුන් දෙනෙකු විසිරයාමේ උත්සවයක්  වෙඩිතලතිව් පුහුණූ පාසලේදී පැවත්වුණී.

කොමාණ්ඩෝ නිලධාරීන් සිව් දෙනෙකු හා සෙබලුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම විසිර යාමේ උත්සව අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූවේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාය.

පුරා මාසයක කාලයක් වෙඩි තැබීම් ප්‍රවර්ධනය කිරීම, රටිගල  විසුද්ධි සරඹ සටන් ක්‍රම පුහුණූ වූ කොමාණ්ඩෝ සෙබලුන් වෙත විශේෂ සහතික ප්‍රධානය කිරීමද වන්නි ආරක්ෂක සේනා ආඥාපති තුමන් අතින් සිදු විය.

එහිදී පාඨමාලාවේ දක්ෂතම වෙඩික්කරු වශයෙන් සෙබල 378778 ලාන්ස් කෝප්‍රල් විජෙන්ද්‍ර විසින් දිනා ගත් අතර පාඨමාලාවේ දක්ෂතම ලිඛිත පරික්ෂණයේ ප්‍රථමයා වශයෙන් නිලධාරී 69281 කපිතාන් දයානන්ද දිනාගත් අතර පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙසින්ද සෙබල 378778 ලාන්ස් කෝප්‍රල් විජෙන්ද්‍ර විසින් දිනාගනු ලැබීය.

කොමාණ්ඩෝ සෙබල විසිර යාමේ උත්සව අවස්ථාව වෙනුවෙන් 21 හා 62 යන සේනාංකාධිපති වරුන්ද 54 බලසේනාධිපති තුමන්ද කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාධිනායක බ්‍රිෙග්ඩියර් ඒ.කේ.ජී.කේ.යූ. ඥානරත්න, කොමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් ආර්.පී.ඩී.යූ. රාජපක්ෂ ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32 views
Main News