විශේෂ මහාධිකරණය ඉතා සාධාරණයි.. එක දිගට නඩු අසා දඬුවම් දෙනවා..

July 19, 2018 at 6:28 am | lanka C news
විශේෂ මහාධිකරණය ඉතා සාධාරණයි.. එක දිගට නඩු අසා දඬුවම් දෙනවා..

මූල්‍ය අපරාධවලට සම්බන්ධ නොමැති නම් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා ඇති කළ විශේෂ මහාධිකරණවලට කිසිවෙක් බිය විය යුතු නැති බවත් එහි නඩු විභාග කරන්නේ රටේ නීතිය අනුව බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය

මෙම අධිකරණ සදහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවත් රටේ නීතිය අනුව මිස කැලෑ නීතිය අනුව මෙහි නඩු විභාග නොවන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මූල්‍ය අපරාධ පිළිබද සොයා බැලීම සදහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. මේක පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක්. එහෙම නැතිව මේක දේශපාලන උවමනාව මත පිහිටවූ අධිකරණයක් නෙමෙයි. රටේ අනෙකුත් අධිකරණ පද්ධතියටම සම්බන්ධ අධිකරණයක් තමයි මේ.

මේ අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කිරීමේ හැකියාව කිසිම දේශපාලඥයෙක්ට නෑ. අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව තමයි මෙම අධිකරණයේ විභාග කරන නඩු මොනවාද කියලා තීරණය කරන්නේ. කිසිම ඇමැතිවරයෙක්ට ඒ ගැන තීන්දුවක් ගන්න බෑ. දේශපාලන උවමනාවන් අනුව මේ අධිකරණයේ එක් එක් පුද්ගලයාගේ නඩු අසන බවට කියන කතා හුදෙක් දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශයන්. රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ නඩු විභාගයක් පවත්වනවා. විශේෂ මහාධිකරණයක නඩු විමසනවාද යන්න ගැන තීරණය ගන්නේ අගවිනිසුරුවයා ඇතුළු අධිකරණ පද්ධතියයි. දැන් පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණවල දීත් සිදුවන්නේ ඒ වගේ දෙයක් තමයි.

තමන් මූල්‍ය අපරාධවලට සම්බන්ධ නැති නම් මේ වගේ අධිකරණයක් පිටවීම ගැන කවුරුවත් බියට පත්වෙන්න ඕන නැහැ. එහෙම චෝදනා තිබෙන අයට මේ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණදීලා තමන්ගේ නිර්දෝශීභාවය ලෝකයට පෙන්නුම් කරන්න පුලුවන්. මේ අධිකරණවල නඩු විභාග කරන්නේ රටේ තිබෙන නීතිය අනුවයි. අලුත් නීති ගෙනවිත් තෝරාගත් පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන්න බැහැ. කැළෑ නීතිය අනුව නෙමෙයි මේ අධිකරණවල නඩු විභාග වෙන්නේ. විමර්ශණ කටයුතු අවසන් කර තිබෙන නඩු ගොනු මෙහිදී එක දිගට විභාග කර දඩුවම් ලබාදීම තමයි සිදුවන්නේ.

මේ අධිකරණවල විභාග කරන්නනේ පසුගිය ආණ්ඩු සමයේදී සිදුවූ බව කියන මූල්‍ය අපරාධ පමණක් නොවෙයි. මේ ආණ්ඩුව යටතේත් මූල්‍ය අපරාධ සිදු වෙනවා නම් ඒවා සම්බන්ධයෙන්ද මෙහිදී නඩු විභාග කළ හැකියි. පසුගිය ආණ්ඩු කාලයේදී සිදුවු දේවල් සම්බන්ධයෙන් පමණක් නඩු විභාග කරනවා කියලා කිසිම තැනක සදහන් වෙන්නේ නෑ. අපි කිසිම වෙලාවක රටේ සම්පත් කොල්ල කන අය ආරක්ෂා කරන්නේ නෑ. ඒ අයට දඩුවම් ලබාදෙන්න ඕන.

අධිකරණයෙන් තීරණයක් ලැබුණ විට එම තීරණය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණවලට ගොස් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ ගැන මහජනතාවගේ තියෙන විශ්වාසය දේශපාලන අරමුණු ඉදිරියට දමමින් එය විනාශ කරන්න එපා.

– Manusha Media

60 views

6 Comments to “විශේෂ මහාධිකරණය ඉතා සාධාරණයි.. එක දිගට නඩු අසා දඬුවම් දෙනවා..”

  1. බියට්‍රිස් says:

    මූට තියෙන්නෙ අඬන මූනක්.
    මහින්ද රැල්ලෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වූ මේ පිංගුත්තරයා මීලඟ ඡන්දෙදි අනිවාර්යෙන් ගෙදර යන්ඩ වෙන බව දැනගෙන ඒකට අඬ, අඬ ඉන්නෙ.

  2. අපි ගොන්නු....... says:

    යහපාලනය නැමැති ලස්සන වචනය ඉස්සරහට දාලා විදේශ කුමන්ත්රනණවල සහයෝගයෙන් බලය ඩැහැගෙන සුලුතර පාර්ලිමේනතු බලයක් සහිත දින 100 ආණ්ඩු ජුන්ටාවක් හදලා මහ බැංකුව හොරා කාලා 118ක මන්ත්රීවරු අතරෙ බෙදා ගෙන මැතවරණ වලට වියදම්කරලා බලය රැකගන්න, ජනතා පරමාදිපත්ය තුට්ටුවකට මායිම් නොකර හවුල් ආන්ඩුවක් හදලා වාචාල කටවල් විතරක් තියෙන මේ වගේ එවුන්ටත් ඇමැති කම් දීලා රට පානය කරන ගොන්බාන ඉස්සෙල්ලම මේ අධිකරණයට දක්කන්න ඕනෑ…. මේව්ව ඉතිං අපේ ගොන් හිතට එන එව්වා…..නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ….

  3. රටවැසියා says:

    ආ මේ ලාස්ට් ටයිම් පාර්ලිමේන්තු සමජිකයනේ. ඉන්නවකෝ කියව කියව ඔය විකාර.

  4. සිංහල කොන්ග්‍රස් says:

    ම‌ිි‌ෙ ව‌ෙන ක‌ොට ත‌ොපිට මහජනයා පාරක් ගාන‌ෙ හන්දි ගාන‌ෙ බස් වල ටැක්සි වල නඩු අසනවා. චන්ද‌ෙ තියපු දාට තීන්දුව ද‌ෙනවා. ක‌ොපි දිගටම කෑූඩු

  5. Kanda says:

    Meka Maha wasalayek. Para ballek. Mahindage pihiten parlimenthu gihilla dan kamburanawa anith paththata. Ealagapara epath nathuwa Gedara yana ekek. Lajjai manussayo. Eka prathipayhthiyaka indapan. Niyojya amathi katu lewakaka kiyana dewal hirikithai. Thotath oya adhikatanayenma danduwam labewi.

  6. මෙයත් අනිවාර්‍යෙන් ඕකට යන්නම ඕනෑ චරිතයක්.මෙයා ගැන ගාල්ලේ හැමෝම දන්නවා.තව ටික කාලයක් ඔහොම යමු.ලෑස්ති වෙලා ඉන්නකෝ ෂොපින් බෑග් එකකට බඩු එහෙම දමාගෙනම.එතකන් තමා අපිත් බලාගෙන ඉන්නේ.

Main News