විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුප නොගෙවයි.. ජීවත් වීමේ සහතිකයක් ඉල්ලයි..

August 16, 2018 at 4:40 pm | lanka C news
විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුප නොගෙවයි.. ජීවත් වීමේ සහතිකයක් ඉල්ලයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒකාබද්ද විපක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

සෑම මසකම දහවැනිදා  ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගත් විශ්‍රමිකයන්ට තමන්ගේ විශ්‍රාම වැටුප ලැබීමට නියමිතයි. නමුත් අගෝස්තු මාසයේ තමන්ගේ විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් සිටිය විශාල පිරිසකට තමන්ගේ විශ්‍රාම වැටුප ලැබිලා නෑ.

හේතුව විදියට ආණ්ඩුව කියන්නේ  සෑම වසරක මුලම  සෑම විශ්‍රාමිකයෙක්ම  තමන් ජීවතුන් අතර සිටින බවට ග්‍රාමසේවක සහතිකයක් ඉදිරිපත් කළ යුතුවීමයි. ප්‍රශ්නය ජීවත් වීමේ සහතිකය නම් ජනවාරි මාසයේ එම සහතිකය ලබා දී නැති බව ආණ්ඩුවට මතක් වුණේ අගෝස්තු මාසයේ ද? අනෙක් පැත්තෙන් එම සහතිකය ලබා දුන්නු විශාල පිරිසකටත් තාම වැටුප් නොලැබීමට හේතුව කුමක්ද?

විශේෂයෙන් සඳහන් කරන්න ඕන දීර්ඝ කාලයක් මේ රට වෙනුවෙන් වැඩ කරලා තමන්ගේ ජීවිතයේ සැදෑ සමය ගෙවන ඒ වැඩිහිටියන්ට තියෙන එකම ආදායම විශ්‍රාම වැටුපයි.

මේ දිනවල සෞඛ්‍ය සේවයටත්, වැට් බද්ද  අයකරන පසුබිමක ලැබෙන විශ්‍රාම වැටුපත්, මාසය ගත කරන්න මදි වී තිබෙන අවස්ථාවක ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි කිරීම දැවැන්ත අපරාදයක් විදිහටයි අපි දකින්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට මූල්‍යමය අපහසුතාවක් තිබෙනවා නම් ඇමතිවරුන්ගේ රට සවාරි නතර කරන්න, සැප වාහන ගන්න එක නතර කරන්න, මන්ත්‍රීවරුන්ට ලබාදෙන රුපියල් ලක්ෂ දෙකේ හොර ඉන්ධන දීමනාව නතර කරන්න, හෑබෑයි අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපට අත තියන්න එපා කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා.

– අරවින්ද අතුකෝරල

154 views

4 Comments to “විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුප නොගෙවයි.. ජීවත් වීමේ සහතිකයක් ඉල්ලයි..”

  1. Abdul Rahuman says:

    මරණයට පත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපත් යත ලෙස ලබාගන්නා සුද්දවන්තයන් තවමත් ඉන්න නිසා එහෙම තම. මෙම ක්‍රියාවලිය බොහෝ කලක් තිස්සේ තිබෙනවා. එහෙම නැත්නම් ග්‍රාම සේවකයන් කුමටද?

  2. විශ්‍රාමිකයා says:

    වැරැද්දක් දකින්නේ නෑ, එච්චරකට හොර හැත්තක් ඉන්න රටක් මේක. මළත් ජීවත් වෙන අය ඉන්නේ. මැරිලත් රැකියාවත් කරන විධියට පඩි ගන්නවා. අනේද කියන්නේ.

  3. samare says:

    වැඩිය කන්න ගිය රටේ වළහ කාපි පරි ඇටේ.
    වැඩි පඩි ගන්නයි, අසහාය රණ විරුවන් කානු කපන්න දාල කියල අවුස්සල ත්‍රිවිධ හමුදාව ඇතුලු වැඩිපඩි කන්න ගිය රාඡ්‍ය සේවයම කලේ නම් අසහායම වැඩක් තමයි.

  4. චම්පා says:

    පණ පිටින් විශ්‍රාම වැටුප් ගන්න ආවහාම, තවත් ජීවත්වීමේ සහතික මොනවාටද? හුස්ම ගනිමින් ජීවත්වන බව පේන්නම තියෙනවානේ? හරි, අපි හිතමු කෙනෙක් මැරිලා මරණ ගෙදරත් තියෙනවා කියල. ග්‍රාමසේවක දුන්නොත් සහතිකයක් මිනිහා ජීවත් වෙලා ඉන්නවා කියල, පැන්ෂන් පඩි දෙනවාද?

Main News