විශ‍්‍රාමික අගවිනිසුරු ශ්‍රීපවන්ට මාසික ලක්‍ෂ තුනක් සහිත තනතුරක්.. සරත් සිල්වා තනතුරු ප්‍රතිකේෂ්ප කොට විශ්‍රාම වැටුපෙන් වෘත්තීය ගෞරවය රකී..

April 30, 2017 at 7:05 am | lanka C news
විශ‍්‍රාමික අගවිනිසුරු ශ්‍රීපවන්ට මාසික ලක්‍ෂ තුනක් සහිත තනතුරක්.. සරත් සිල්වා තනතුරු ප්‍රතිකේෂ්ප කොට විශ්‍රාම වැටුපෙන් වෘත්තීය ගෞරවය රකී..

යහපාලන රජය පැමිණිමත් සමඟම එවකට සිටි අග්‍රවිනිශ්චයකාර මෝහාන් පීරිස් මහතා ඉවත් කොට එක් දිනකට පමණක් හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත් කොට පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ජනාධිපතිවරයා ලෙස දිවිරුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ශ්‍රි පවන් මහතා නව අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත් කරන ලදි.

කේ ශ්‍රි පවන් මහතා අග්‍රවිනිශ්චයකාර ධූරයෙන් විශ්‍රාම ගියේ මේ මාර්තු මාසයේදී ය. විශ්‍රාම ගොස් එක මාසයක් ඇතුළත එනම් අද වනවිට මහා බැංකුවේ අධිපති හරහා රජයේ කොටස් වෙනුවෙන් ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත ගත කොමාර්ෂල් බැංකුවේ අධ්‍යාක්ෂක ධූරයට පත් කොට ඇත.

මේ හරහා දැනටමත් රජයේ මෙන්ම පෞද්ගලික ගනුදෙනුකරුවන් විසින් එම බැංකුව සමඟ ඇති නඩු සම්බන්ධයෙන් අධිකරණය කේෂ්ත්‍රය හරහා විශාල වාසියක් මෙන්ම අනිකුත් පාර්ශවයන්ට බලපෑමක් එයින් සිදු වන අතර යහපාලන මෙන්ම බැංකු සදාචාරයට මෙම පත් කිරීම විශාල ගැටලුවකි.

මහින්ද රාජපක්ෂ යුගයේ අග විනිසුරුවරයාගේ විශ්‍රාම වැටුප ලංකාවේ රජයේ සේවකයකුට ගෙවන ඉහළම වැටුප ලෙස ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට වැඩි කලේ ඔහුන් විශ්‍රාම ගිය පසු තවදුරටත් අග්‍රවිනිශ්චයකාර තනතුරේ ගෞරවය රැකගෙන ස්වාධීනව සිටීමටයි.

එහෙත් විශ්‍රාම යන විට තමන් ඉදිරියේ විශාල නඩු ගොනු ප්‍රමාණයක් විසදීමට තිබු අවස්ථාවක අධිකරණයේ වග උත්තරකරුවන් මෙන්ම සමහර අවස්ථාවන් හිදි පැමිණිලි පාර්ශ්වයක් ලෙස සිටින රටේ විශාලතම පෞද්ගලික බැංකුවක රජයට හිමි කොටස් වෙනුවෙන් පත් වීමක් ලැබීමත් , ඒ හරහා මාසිකව එම බැංකුව මගින් ලක්ෂ 3 කට වඩා දීමනාවක් ලබා ගැනීම සාධාරණ විශ්‍රාම වැටුපක් හිමිකම් ලබමින් කොතෙක් දුරට යුක්තිගරුක ද යන්න සාධාරණ සමාජය ප්‍රශ්න කරනු ඇත.

එමෙන්ම කේ ශ්‍රි පවන් මහතා හිටපු අධිකරණය සේවා කොමිසමේ සභාපති මෙන්ම මසකට පෙර විශ්‍රාම ගිය අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස රටේ ජනතාවටත් සමස්ථ අධිකරණයත් දෙන පණිවිඩය ප්‍රශ්නකාරිය.

එදා මහින්ද රාජපක්ෂ යුගයේ රටින් බැහැරව තානාපති වරයෙකු ලෙස සේවය කරන ලෙස එවකට විශ්‍රාම ගිය හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට ආරාධනා කලත් ඔහු එය ප්‍රතිකේෂ්ප කොට තතතුරේ ගෞරවය රකිමින් දීර්ඝ කාලයක් එනම් අද වනවිට වසර 10 ක් පමණ ස්වාධීනව සිටීමට කටයුතු කලහ, එමෙන්ම ඔහු රජයේ අනුග්‍රහය මත කිසිම අතිරේක දීමනාවක් සන්තෝෂම් ලෙස ලබා නොගෙන හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා ක්‍රියා කල ආකාරය අදටත් ජනතාවගේ ප්‍රාසාදය ඔහුට හිමිවීමට හේතු විය.

මූලාශ‍්‍රය මෙතනින්

42 views

7 Comments to “විශ‍්‍රාමික අගවිනිසුරු ශ්‍රීපවන්ට මාසික ලක්‍ෂ තුනක් සහිත තනතුරක්.. සරත් සිල්වා තනතුරු ප්‍රතිකේෂ්ප කොට විශ්‍රාම වැටුපෙන් වෘත්තීය ගෞරවය රකී..”

  1. kaniya says:

    පවන් ව පත් කලේ කවුද ? සිරිසේන නේද ? එහෙමනම් එතනින් එහාට පවන් ගැන කතා කරලා වැඩක් තියෙනවද ?

    • ලංකා says:

      ලංකාවේ නීති පද්ධතිය දූෂණය වී ඇති ආකාරයට ආසන්නතම උදාහරණය මෙයයි.

    • hoowa says:

      බැදුම්කර වංචා කොමිසමට වෙන්නෙත් මෙච්චරයි…

  2. YAMA DUTHA says:

    It was sad AG and this CJ is served to YAMAPALANA keeping law at toilet of them during last two years

  3. කපුරුහාමි says:

    සල්ලි පවන් ගහන කොට කව්රුත් ඔහොම දාඩිය පිට කරනවා නේද පවන්

  4. john the baptice says:

    මේ රජය වැඩ ක‍රන්නේ දෙමළ කොටි ඩයස්පොරවයට සන්තෝසම් හොදට ලැබෙනවා ඇති ?

  5. Desapriya says:

    අනේ මේ කවුද මෙහෙම කියන්නෙ, අපි නොදන්න සරත් එන් සිල්වගෙ ගෞරවණීය කම.

Main News