විෂන් 2020 ජංගම අක්ෂි රෝහල කඩිනමින් මහජන සේවාවට..
January 5, 2017 at 2:04 am | lanka C news
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක විෂන් 2020 වැඩසටහනට සමගාමිීව නිර්මාණය කරන ලද ජංගම අක්ෂි රෝහල හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිරීක්ෂණය කරන ලදි.
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපෙදස් මත මෙම ජංගම අක්ෂි රෝහල නිර්මාණය කෙරිනි. ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට පාගමන්, පාපාදි සවාරි, සංගීත ප්‍රසංග පසුගිය කාලයේ පැවැත් වූ අතර, ශ්‍රී ලංකාෙවි විවිධ සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන ජංගම අක්ෂි රෝහල නිර්මාණය කිරිම සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.
මෙම අක්ෂි රෝහල නවීන පහසුකම්වලින් සමන්විත අතර විදුලි උද්පාදන යන්ත්‍ර, වායු පෙරණ යන්ත්‍ර, ජීවාණුහරණ ඒකක වලින් සමන්චිත ෙවි. දිවයිනේ දුෂ්කර පළාත් වලට ගමන් කර පර්යන්ත හා ග්‍රාමිය රෝහල් ආශ්‍රිතව ඇසේ සුද ඉවත් කිරීෙමි සැත්කම් සිදු කිරීම සදහා මෙම ජංගම අක්ෂි රෝහල යොදා ගැනිමට නියමිතය. ගමනාගමන දුෂ්කරතා සහ ආර්ථිකය හේතුවෙන් ඇසේ සුද ඉවත් කිරිමට නොහැකිව අන්ධභාවයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බව විෂන් 2020 වැඩසටහන අනාවරණ කරයි. මෙම අක්ෂි රෝහලේ සේවය සදහා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් රැසක් ස්ෙවිඡ්ඡාවෙන් ඉදිරිපත් වී සිටිති.
මෙම අක්ෂි රෝහල භාවිත කරමින් ඉදිරියේ දී කඩිනම් සැත්කම් සිදු කිරිම තම බලාපොරොත්තුව බව හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා මෙහිදී ප්‍රකාශ කළේය. හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සමුගැනීම සිදු කළේ මෙම ජංගම අක්ෂි රෝහල නිරීක්ෂණ කිරීමෙන් අතනතුරුවයි.
– නිපුන් ඒකනායක