‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ පොල්තෙල් බවුසර දෙකක් දංකොටුවේ මෝලකින් අල්ලයි.. රාගම ගබඩාවෙන් ගෙනැවිත්..

March 30, 2021 at 12:00 pm | lanka C news
‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ පොල්තෙල් බවුසර දෙකක් දංකොටුවේ මෝලකින් අල්ලයි.. රාගම ගබඩාවෙන් ගෙනැවිත්..

විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යැයි අනාවරණය වී ඇති පොල්තෙල් යැයි සැක සහිත බවුසර දෙකක් පොලිසිය විසින් දන්කොටුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොල් තෙල් ලීටර 27500 එලෙස අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි.

බවුසර දෙකෙහි රියැදුරන් ද අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙදී පවසා ඇත්තේ රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් රැගෙන ආ බවයි.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක රඳවා තිබියදී එම බවුසර් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල තෙල් රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබේ.

අදාල බවුසර් රථ දෙක ‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ සමාගමේ රථ වන අතර එම සමාගම විසින් ගෙන්වන ලද පොල්තෙල් පිලිකාකාරක අඩංගු යයි ප‍්‍රති අපනයනයට නියෝග කර තිබේ.

42,364 views

8 Comments to “‘එදිරිසිංහ එජාබල් ඔයිල්ස්’ පොල්තෙල් බවුසර දෙකක් දංකොටුවේ මෝලකින් අල්ලයි.. රාගම ගබඩාවෙන් ගෙනැවිත්..”

  1. nimal says:

    Is this Swarnamahal tv LTTE group one?

    • abc says:

      It is not edirisingha ejabal oil, it is edirisingha edible oil. එදිරිසිංහ එඩිබල් ඔයිල්

  2. MARINA says:

    Cancell the businesses license and publish the product names!!

    It’s shame that Main stream media TVs are still advertising FORTUNE and other poisons

  3. නාරිලතා says:

    කවුරු වොයිස් කටි දීල සුද්දා කලත් අන්තිමට බඩු හැමතැනම විකුනන්න දාල ඇති. වස කැවිල මැරෙන එකට වඩා හිතට රිදෙන්නෙ, සුදු ඇදන් බලු මුනෙන් අපිව අන්දන්න පච වොයිස් කටි දෙන එක. ඇත්තටම දැන්වත් අපි තේරුම් අරගමු මෙි පරන කාලකන්නි දෙශපාලන නාකි සෙටි එක ඉන්න තුරු අපි අනාථ බව.

    • takaran says:

      යකෝ මොන වසක් කැවත් කට වහගන් කාපියවූ. දැන් තියෙන්නේ රට රැක ගන්න ආ රජයක්. ඉස්සර යහපලානේ වගේ නෙවෙයි. වඳ කොත්තු, වඳ බ්‍රසියර්, වඳ ජංගි ඒ ඔක්කොටොම බොරුවට කැගැහුවට දැන් තියන එකේ ඒවාට කැ ගහන්න එපා. අපි 69 ලක්සේ එකතුවෙලානේ මේක ගෙනාවේ. අපේම එවුන් මලත් අපි මුන්ට කඩේ යමු. තාලෙට අපේ සින්දුව කියා කියා ….

  4. John the baptice says:

    හලාල් සහාතික නැති නිසා මුස්ලිම්වරු මේ තෙල් බාවිතා ක‍රන්නේ නැතිලු මේ ගැනත් සොයා බැලිය යුතුය.

  5. Anuradha says:

    මුන්ට අනිවාර්යෙන්ම මරණ දඩුවම් දියුතුයි.මෙයත් යම් ආකාරයකින් මිනිසුන් සහමුළා ඝාතනය කිරීමට තැත්කිරීමක්.මේ අන්තවාදීන් මොන ක්‍රමයකින් හෝ උත්සහා ගන්නේ සිංහලුන් වඳ කිරීමටයි මේක මේ අපේ චාම්,බැසිල් පකයන්ට තේරෙන්නේ නැහැ.

  6. Darshana abayakoon says:

    හොද වැඩේඒ.. තව ඔය පොල්තෙල් ගෙවල් වල පවිච්චි කරන එවුන් ඉන්නවා නම් උන් වත් අත් අඩන්ගුවට අරන් ඇට තලන්න ඕනේ.

Main News